(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ මතුවී අර්බුදය විසඳා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයන් බහුතරයක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයාට පෙන්වාදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ අස්වීමේ ලිපිය බාර දීමෙන් පසු කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් විය යුතු බවද පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (13) පස්වරුවේ රැස් විය.
මෙහිදී අදහස් දක්වා ඇති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසුව පාර්ලිමේන්තුව කැඳවා අභිනව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාද සහභාගි වූහ.
අරගලකරුවන් විවිධ ස්ථානවලට ඇතුළු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ. අරගලකරුවන් පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහිදී විමසා ඇති අතර ඒ සඳහා කිසි විටෙකත් ජීව උණ්ඩ යොදා නොගන්නා ලෙස මෙහිදී පක්ෂ නායකයන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම රැස්වීමේදී විශේෂිත තීන්දු කිසිවක් ගෙන නොතිබූ අතර පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (14) දිනයේ නැවත රැස්වීමටද එහිදී තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හමුදාවට බාරදෙන්න..! නැතිනම් පාර්ලිමේන්තුවත් වටලා දමයි..! 88-89 යුගයක ආරම්භය බව පෙනේ..!
අනිවාර්යයෙන්ම... නැතිනම් ගහලා හරි එළවනවා.
රටේ මතුවී ඇති අර්බුදය විසඳා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්වන්නේ නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමෙන් පසු කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වි ජූලි 20 හෝ මසක් තුළ නව ජනාධිපතිවරයා ඡන්දයෙන් පත්වුවහොත් නොවැරදීම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් නැවත පත්වනු ඇත. අරගලකරුවන් බලාපොරොත්තු වන්නේ එසේ නම් ඔවුන්ට අවශ්‍ය පිළිතුර පාර්ලිමේන්තුවේ බහුතරය විසින් ජනාධිපතිවරයා ඡන්දයෙන් තෝරාගැනීමේදී ලබාදෙනු ඇත...