
(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)
මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.
කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.




(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)
මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.
කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්.. ICTA එක වහලා දාන්න සර්..
රනිල් ඔබේ තීරණය නිවැරැදියි.
කොහොමද හිනාව...?
මහ බැංකුව නැවතත් අර්ජුන් මහේන්ද්‍රන්ටම බාරදෙන්න. ජනාධිපති සහ අනික් අය විරුද්ධ වෙන එකක් නැහැ...
මේවට කොහෙන් හිනා වෙන්නද? බයියන් නිදිද?
ඔතන රවී කරුණානායකත්, අර්ජුන් මහේන්ද්‍රනුත් පමණයි අඩු. එහෙමනම්, නොබෝ දිනකින් රවී මුදල් අමාත්‍යාංශයේ උපදේශකයා ලෙසත් සහ මහේන්ද්‍රන්ව මහ බැංකුවේ ලොකු පුටුවට පත් කරන්න.
මෙයාලගේ තියෙන එකම වැඩ පිළිවෙළ කල්මැරීම... මෙයාලා හිතනවා තව අවුරුදු 2 1/2 ක් යනකොට මේ ප්‍රශ්නය ඉබේම විසඳෙයි කියලා. එතකොට ජනතාව ඉදිරියේ වීරයෝ වගේ ඡන්දෙ ඉල්ලන්න. ‘‘රට අර්බුදයෙන් බේරාගත්තු වීරයා...‘‘ කියලා.
කවුරු මොනවා කිව්වත් මේ දුෂ්කරම අවස්ථාවේ අගමැතිකමයි, මුදල් ඇමැතිකමයි දෙකම බාරගන්න පුළුවන් කොන්දක් තියෙන එකම පුද්ගලයා රනිල්.... කෝ විපක්ෂයේ ඔස්තාර්ලා? කයිවාරු විතරයි..!
මේ කිසිවක් තම තම දේශපාලන මානසිකත්වය තුළින් නොබැලිය යුතුයි. රටේ පවතින තත්ත්වය යම් ප්‍රමාණයකින් සහනදායි අවධියකට පත්වනතුරු පළපුරුදු කවුරුන් හෝ රට කරවිය යුතුයි. ඊළඟ මැතිවරණයකදී වඩා සුදුසු අය තෝරා ගැනීමට කාටත් අවස්ථාවක් ලැබෙනු ඇත...
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝකබැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ "ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කරඇති ව්‍යපෘතිවල සම්පත් යොදාගනිමින් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට, දිළිඳු ජනතාවට, අවදානමට ලක්වූ පවුල්වලට, ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක්වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබාදෙයි.
චම්පික හරි, එරාන් හරි බිලී කොක්ක ගිල්ලේ නැහැ එහෙනම්...
මේ පාර කුට්ටම අනලා තියෙන්නේ, ජෝකර්ලාත් එක්ක. කුට්ටම අනනවා, බෙදනවා. ඉවරයක් නෑ... කල් මරනවා...
මේ අයගේ කොලම් බල බල හිටියට අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදා නිලධාරීන් නිසා බව දැන් දිනෙන් දින පැහැදිලි වෙනවා. මේ මනුස්සයා ජනතාවට බයෙන් මන්දිරයෙන් එළියට බහින්නේ නැහැ. රනිල් රටට කළ පැහැදිලි දෙයක් නැහැ. 5 වතාවක් අගමැති වුණත් එකවරක් වත් ධුර කාලය සම්පූර්ණ කරගන්න බැරිවුණා..
නියමයි....දැං අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්නගමු.
අනේ අපේ මහබැංකුවට දෙයියන්ගේම පිහිටයි.
ICTA එක වහලා දාන්න.. ඒක හොඳයි..
මම කියන්නේ මුදල් ඇමතිකම ඔය හිතන තරම් ලේසිවැඩක් නෙමෙයි. ඒකට ඉතාම විශිෂ්ඨ සුවිශේෂී අධ්‍යාපනයක් අවබෝධයක්, බුද්ධිමත්කමක් තිබිය යුතු පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. ලෝකයේ දියුණු වුණු සෑම රටකම ප්‍රධාන බලවේගය වුණේ ඒ රටවල සිටිය මුදල් ඇමැතිවරයා. ඔබ එවැනි රටවල මුදල් ඇමැතිවරු ගැන අන්තර්ජාලයෙන් ටිකක් හරි හොයලා බැලුවොත් මම කියනදේ තේරේවි. අපේ රටේ වන්නිනායක, ඇන්. ඇම්., රොනී යම්කිසි මට්ටමක හිටපු පුද්ගලයින්. වත්මනේදී රට විනාශ වෙන්න ප්‍රධාන හේතුවක් වුණෙත් අවශ්‍ය සුදුසුකම් තියෙන අය රටේ සිටිද්දීත් ඔවුන් නොසලකා හැර කිසිම අවශ්‍ය අධ්‍යාපනයක් නොමැති නුසුදුස්සෙක් මුදල් ඇමතිකම කළ නිසයි. හැබැයි ඒ වගේම මටනම් ඔය රනිල් මහත්තයා ගැනත් කිසිම ෂුවර් එකක් නැහැ.
වැඳලා බාරගන්නවද? නැතිනම් වැඳලා බාරදෙනවද?
කළින් වතාවේ යාලුවෙක් ගෙනත් සුද්දෙ දුන්නේ. මෙදාපාර ඉබියතුරුත් බාරදීලා තියෙන්නේ...!
මෙතන අදහස් පලකරලා තියෙන ගොඩක් අයට ආර්ථිකය ගැනත්, අපට කරලා තියෙන ආර්ථික පරිහානිය ගැනත් අවබෝධයක් නැතිපාටයි. මේක සරලව කිව්වොත් අපිව වලකට දාලා, දාපු එකා වල කටේ ඉඳගෙන ගොඩ එන්න ලණුවක් දෙන්නද? වැල් පොටක් දෙන්නද? ඉනිමගක් දෙන්නද කියලා අහන ගමන් එකක්වත් නොදී ඉන්න තත්වයක්... මොකද අපිව වලට දාපු එකට ලණුවක් තියා, ඉනිමගක් තියා වැල් පොටක්වත් නැහැ දෙන්න. අගමැතිව දාගෙන අපිට කොකා පෙන්නුවට අපි අපිම කුලල් කා ගන්නවා. ඒකෙ හරි වැරැද්ද ගැන දෙකට බෙදිලා. ඇත්තටම ඒ අයට ඕනෙත් කුලල් කා ගන්න. එතකොට අපිට ඇත්ත ප්‍රශ්නය අමතක වෙන බව ඔවුන් දන්නවා. අපි එකතු වෙන්න ඕනේ මේ බොරු පැලැස්තර වල සුන්දරත්වය විඳින්න නෙමෙයි. මේ රටෙන් හොරකම් කළ මහජන මුදල් නැවත ලබාගන්න එකට කියලා තේරෙන අය කවුරුවත් ඉන්නවද?