
(රංජන් කස්තුරි)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ නිරතවන සංචාරය අතරතුර වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැදැකීමට වැඩසටහනක් යොදාගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පාප් වහන්සේ බැහැදැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක ඉල්ලීමක් කර නැති අතර එවැනි ආරාධනයක් ලැබී නැතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාප්වහන්සේ නෙවෙයි දෙවියන් වහන්සේ ලඟට ගියත් වැඩක් නැහැ අපේ දේශපාලකයෝ, රට වහගෙන සවාරි යනවා.
බයියන්ට දැන් සතුටුයිද.?
මම හිතන්නේ පාප්වහන්සේ ඉල්ලීමක් කරන්න ඇති, ඉතාලියට ආවොත් බලලා යන්න එන්න කියලා.
එහෙමද, එහෙම නැතිනං කාදිනල් හිමිපාණෝ මානව හිමිකම් එකට කී නිසා වැඩේ ෂේප් එකේ ලිස්සලා ඇරියා වත්ද ? අනේ මන්දා ඔවා ... නැතිව මේ හදිස්සියේ මෙහෙම ගියේ මොකද ? මෙහෙ රට ගෙනියන්න සල්ලි නැති වෙලාවේ ...
ඇයි අගමැතිට පාප්වහන්සේ හම්බවෙන්න බැරිද.? මොකක්ද වැරැද්ද.?
ගියපාරවගේ මේ පාරත් සියයක් පිරිවර සමග නවාතැන් ගන්නේ ඉතාලියේ මිල අදිකම හෝටලය වන මිලානෝ සැවොයියා හෝටලයෙද? ගියපාර ඒකේ වැඩකරන කෙනෙක් මගෙන් ඇහුවා ලංකාව මෙතරම් පොහොසත් රටක්ද කියා......
ඉතාලියේ මේ දවස්වල කාලගුණය හොඳ නිසා ඉස්සර පුරුද්දට රජතුමා අපේ බදු සල්ලි විනාශ කරගෙන පිරිවර සමග පොඩි විනෝද සංචාරයක් යන්න ඇති.
එතනත් කාදිනල් ලැජ්ජා වුනා නේද? කාදිනල්තුමාව රවටන්නේ කවුද කියලා හොයන්න