
(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ ඉවත් කළේය.
විරෝධතාකරුවන් පැවසුවේ එම ස්ථානයේ නවතා තැබෙන පොලිස් වාහන සදහා එක් අට්ටාලය බැගින් ඉවත් කර ගන්නා බවයි.
ඒ අනුව විරෝධකාරුවන් විසින් අට්ටාල කිහිපයක්ම ඉදිකර ඇති අතර ඒවාද ඉවත් කිරීම ආරම්භ කර තිබිණි.
මෙම අවස්ථාවේ එම ස්ථානයට පොලිස් කණ්ඩායම් රැසක් කැඳවා තිබු අතර, අරගලකරුවන් වෙනුවෙන් නීතිඥයින් රැසක් ද පැමිණ සිටියහ.
මහජනයාට අවහිර වන සේ සවිකර තිබු අට්ටාල ඉවත් කළ ද පිරිස එම විරෝධතාව සාමකාමීව එම ස්ථානයේ අයුරින්ම පවත්වාගෙන යයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ලබා දුන් නියෝගයට අනුව එම බස් රථ සහ වැටවල් ඉවත් කිරීම සිදු කෙරිණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd