(තිළිණි ද සිල්වා)
පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 100 කට වැඩි දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (04) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දන්වා ඇත.
ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතා සමග මෙම සිද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් , එසේම අත්අඩංගුවට ගත් එම පිරිසට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත අද සවස දැනුම් දුන් බවද පකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සීටී.
පකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ මෙසේද සදහන් විණි.
''සියල්කොට් හි ප්‍රියන්ත දියවඩන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට අපගේ ජාතියේ කෝපය සහ ලැජ්ජාව ප්‍රකාශ කිරීමට අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කළා.. සිද්ධිය සම්බන්ධයෙන් 100 වැඩි පුද්ගලයින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට නීතියේ දැඩි ලෙස නඩු පවරන බවට ශ්‍රී ලංකා ජනාධිපතිට සහතික වූ බවද පකිස්ථාන අග්‍රමාත්‍යවරයා කියා සිටී.
පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ෆර්හාන් ඉද්‍රීස් නම් පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 120දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.මෙම ප්‍රධාන සැකකරු TPL නමැති දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයකු බව අනාවරණ වී තිබේ.
කෙසේවෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර තිබේ.
අද පස්වරුවේ ප්‍රකාශයක් කරමින් පන්ජාබ් ආණ්ඩු මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කර තිබුණේ මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රධාන විත්තිකරුවන් වන්නේ ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් යන අයට එරෙහිව පොලීසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බවය.
පාකිස්තානයේ සියල්කොට් හී ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාග් දේහය සඳුදා දිනයේදී මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියලා ඇද්ද? එම සාපරාධී ක්‍රියාවට සම්බන්ධ වූවන්ට ඉස්ලාමය අනුවම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි.
අගමැති ඉම්රාන්කාන් මහතා යුක්තිය වෙනුවෙන් තමන්ගේ වගකීම් උපරිමයෙන් කටයුතු කරන බව පෙනේ. පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ද තම ඇමැති මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව කටයුතු කළා. මෙම මරණය සම්බන්ධයෙන් ද එතුමා ගැන විශ්වාස කරනවා...
අසාත් සාලි නිදොස් කොට නිදහස්. ප්‍රකාශයට සාක්කි නෑලු. යකෝ කාටවත් බැරි වුනාද ප්‍රකාශෙ යූටියුබ් වීඩියෝව පෙන්නන්න.