IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘අග්බෝ‘ගේ ඇසට කැටපොලයකින් විද්ද අයෙක් අත්අඩංගුවට

 (බී.ජි. චතුරංග )

තිරප්පනේ,උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින 'අග්බෝ' හස්තියාගේ  ඇසට කැට පෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අක්කර පනහ, ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මෙම පහරදීම සම්බන්ධය වන අලි සුරැකීමේ සංවිධානයක් විසින් තිරප්පනය  පොලිසියට සිදු කල පැමිණිල්ලකට හා පුද්ගලයෙකු විසින් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ලබා දුන් තොරතුරකට අනුව  විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තිරප්පනේ ප්‍රදේශයේ වාස භූමිය කර ගනිමින් ජීවත් වූ , දැනට මෙරට තුල ඉතිරිව සිටින සද්ධන්ත ඇතෙකු වන අග්බෝ හස්තියා  මීට වසරකට පෙර පාදයකට සිදු වූූ වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල තුවාල සිදුවිය.

බඳින කදක් පත්තුවීම හේතුවෙන් ඉදිරි වම් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් වනජීවි අංශ, පශු වෛද්‍ය නිලධාරීන් විසින් 100ට  වැඩි වතාවක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම හස්තියා තරමක සුව අතට හැරිණි.

මේ වන විට අග්බෝ හස්තියා ප්‍රදේශයේ, භෝග වගාවන්  විනාශ කරමින් ගම්මාන වල සැරිසරන අතර නිරන්තරයෙන් ගම්වාසීන්ගේ ප්‍රහාරවලට ලක්වන බව වන අලි ඇතුන් සුරැකීමේ සංවිධානයක  නියෝජිතයකු පැවසීය.

 

 



අදහස් (1)

‘අග්බෝ‘ගේ ඇසට කැටපොලයකින් විද්ද අයෙක් අත්අඩංගුවට

kotiya Friday, 19 July 2024 09:42 PM

අනේ මන්දා. එයාව සනීප කළාම එයා ආයි මිනිසුන්ටම කරදර කරනවා. එයාව මැරුවොත් සද්දන්ත කුලේ අයගෙන් අවසන් වෙනවා. එයාව අල්ලලා පින්නවලටවත් ගෙනිච්චොත් හොඳයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site