(ඉන්දිකා රාමනායක)

අංගොඩ මීගහවත්ත නිවසට පසුගිය 26 වැනි දා පැන වෙඩි තබා අංගොඩ ලොක්කාගේ සමීපතමයකු බව කියන පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා මෙම සිද්ධියේ වෙඩික්කරු වශයෙන් හදුනාගෙන සිටි සැකකරුගේ බිරිඳ සහ මව බවද පොලිසිය පවසයි.

මුල්ලේරියාවේ සහ බොරැල්ලේ පදිංචිව මොවුන් සිද්ධියෙන් පසු මෙලෙස පලාගොස් හම්බන්තොට නිවසක සැඟව සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.