(නිමල කොඩිතුවක්කු)

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර සේවා වලින් ඉවත්ව අද (22) දිනයේ ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගින් දැඩි අපහසුතාවයට පත්වූහ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු නියෝග නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව අද උදෑසන 8 සිට පැය 24 සංකේත වැඩ වර්ජනයක වෛද්‍යවරුන්  අවතීර්ණ වූහ.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් පරීක්ශණ සහ ප්‍රතිකාර සේවා, සායන කටයුතු, ඇතුලු ප්‍රතිකාර සඳහා දැඩි බාධා එල්ලවිය.