
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සඳහා විපක්ෂය දේශපාලන කුමන්ත්රණයක යෙදී සිටින බව වෙළෙඳ,වානිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවැසීය.
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන විටම රටේ අධ්‍යාපනය අවසන් යැයි මතයක් විපක්ෂය කියන්න උත්සාහ කළා.ඊට පස්සේ ඒ මතය ආගමට ගෙනාවා.මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක විවිධත්වයන් පවා විකෘති කරන්න පටන් ගත්තා.පහත් මට්ටමේ බොරු අවලාද නැගුවා.රටේ විපක්ෂ නායක කතා කළ යුත්තේ වගකීමෙන්.හය වසර බුද්ධ ධර්මය පොතේ ධර්ම චක්රයත් වෙනස් කරලා යැයි ඔහු කිව්වා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමේ කුමන්ත්රණයේ කොටසක් ලෙසයි ඔහු මෙය කළේ.අප පොතට ඇතුලත් කළේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පාවිච්චි කළ ධර්ම චක්‍රය.එහෙම තියෙද්දි විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ බොරු කිව්වා.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම විපක්ෂයේ දේශපාලන කුමන්ත්රණයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා හා අධ්‍යාපන ඇමතිවරිය වරදක් වෙලා තියෙනවා. වසරකින් කල්දාන්න කටයුතු කළාම විපක්ෂයට දොස් කියලා හරියනවාද?
ආණ්ඩුව වැඩක් කරන්න ගත්තොත් ඉතින් ඉවරයි
බලමු මේ ආණ්ඩුවවත් අධ්‍යාපනය වෙනුවෙන් හොද වැඩක් කරයිද කියලා.. හැබැයි තාම නම් නැහැ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අඩුපාඩු හොයන්න ප්‍රබල විපක්ෂයක් ඉන්න ඕනේ..
මෙච්චර කාලයක් අපේ රටේ ළමයි අවුරුදු 13ක් තිස්සේ ඉගෙන ගන්නා අධ්‍යාපනය තේරුමක් නැහැ... නිකන් කාලය කා දැමීමක් විතරයි... දරුවන්ගේ අනාගතය අදුරට යනවා. ඒ හින්දා විධිමත්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරවන්න. සමත් අසමත් ලෙස ළමුන් ලේබල් කරන්න එපා.. කවුරු වුණත් මොනම හෝ දක්ෂතාවයක් තියෙනවා. අනාගතයටම ගැලපෙන්න ඒ කටයුත්ත කරන්න.
විපක්ෂ නායකවරයා ඒ ගැන රටේ දරු පරපුර පැත්තෙන් හිතලා කතා කරනවා නම් හොදයි