( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත වසර 15 ක සිරදඩුවම් නියමවූ අකුරැස්ස ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන මාර්තු මස 08 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (07) තීරණය කලේය.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව තීරණය විය.
එම පෙත්සමට එරෙහි විරෝධතා ගොනු කර අවසන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ සයීනී වීරසූරිය දන්වා සිටියාය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස රජයේ නීතීඥවරිය ඉල්ලා සිටියාය.
ඒ අනුව පෙත්සම මාර්තු මස 08 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කලේය.
බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබ ඇත..
එම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් එම අභියාචන විභාග අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමාව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත.
මෙහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර ඇත.
පෙත්සම්කාර හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... දූෂිත පාක්ෂිකයෙක් නේද? මෑන්ස්ට ඇප විතරක් නෙමෙයි... නිදොස් කොට නිදහස් ලේබලෙත් හම්බවෙයි.
මොනවා වෙන්නද? "නිදොස් කොට නිදහස්". අන්තිමට මෙයා නෙමෙයි, ඒ කාන්තාවන් තමයි මෙයාව දූෂණය කරලා තියෙන්නේ" වන්දිත් සමඟ...
ඇප දෙන්න එපා....
කාන්තා හිංසන කරමින් උත්සව සමරන්න පාටි දැමූ පුද්ගලයා නේද මේ? අනිවාර්යයෙන්ම ඇප දෙන්න වයසට යන්න කළින්....
කැකිල්ලේ රජුගේ නීතිය
ඔය මිනිහට අනිවාර්‍යෙන්ම ඇප ලැබෙන්නාඕනේ. කාන්තාවන් 100ක් දූශණය කිරීම නිමිත්තෙන් පැවත්වූ සාදයට මහින්ද රාජපක්ශත් ගියානේ.