(එස්. ඩි. කොඩිකාර සහ අජිත් ලංකාතිලක)
අකුරැස්ස ,මලිදුව කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොවිඩ් -19 ආසාදිතයකු අද (05) හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට අද (05) අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි අකුරැස්ස පොලිසිය කටයුතු කළහ .
(42) හැවිරිදි කොවිඩ් -19 ආසාදිත පුද්ගලයාගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා ද සෙම් පටල පරීක්ෂාවක් සඳහා මාතර කඹුරුගමුව ලැබීම රෝහල වෙත යොමුකර බව අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පැවසී ය .
මෙම දරු තිදෙනා අතර වයස අවුරුදු එක හමාරක කුඩා දරුවකු සිටින බව ද සෞඛ්‍ය බලධාරීහු පැවසී ය .
ඊට අමතරව එම පුද්ගලයා ඇසුරු කළ සහ ප්‍රදේශය අවට ආගිය නිවාස අටක පුද්ගලයන් ස්වයං නිරෝධානය සඳහා යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මෙම පුද්ගලයා ඉකුත් (24) වන දින සිය නිවසට පැමිණ ඇති අතර මේ වන විට මෙම පුද්ගලයා ආගිය තැන් සෞඛ්‍ය බලධාරීන් විසින් සොයා බලා ඉදිරි කටයුතු සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින්ම සුවපත් වෙන්න කියා සිතනවා. කරුණාකර කුඩා දරුවාගේ මුහුණ පෙනෙන ෆොටෝ එක ඉවත් කරන්න.
නිරෝදයනේ ඉදල ගෙදර ගිහින් දවස් 6 කට පස්සේ කොරෝන හැදෙන රටක මේවා බොරු වැඩ.
එතකොට අර මතුගම නවුත්තුඩුව ගමත් හුදෙකලා කරානම් හොදයි නේද?
අනේ මේ පුංචි දරුවෝ මොන වරදක් කලාටද මෙහෙම වෙන්නේ.