( මොහොමඩ් ආසික්)
අකුරණ ප්‍රදේශයෙන් හමුවු නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සමඟ වවිධ ආකාරයෙන් සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 144 දෙනෙකු අද (5)පූනානි නීරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
අකුරණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශවල සහාය ඇතිව මෙම පිරිස් නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ තිබේ.
මෙම නීරෝධායනයට යොමු කළ පිරිස් අකුරණ ප්‍රාදේශීය ලේකම් කොටාඨාසයේ වසම් කිහිපයකම පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
මෙම ප්‍රදේශයෙන් මේ වන විට වයිරසය ආසාදිත රෝගීන් හය දෙනෙකුම හමු වී ඇති බැවින් දැඩි අවදානම් තත්වයක් බවතින් බවත් ප්‍රදේශයේ ජනතාව මොවුන් සමඟ කුමන හෝ ආකාරයක සබඳතා පැවැත්වූ පුද්ගලයින් වෙත් නම් දන්වන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් අයකු කල මෝඩ වැඩක් නිසා අද ගම් 7 දුක් විදිනවා , මේ නිරෝධන කටයුතු සදහා රජයට ලක්ෂ 50 වැඩිය වියදමක් දරන්න වෙනවා ,