(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල සීලතැන්න ගම්මානයේ නිවාස 4 ක අකුණු සැර වැදීමෙන්  පස් දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

කාන්තාවන් සිව් දෙනකු සහ පිරිමි අයකු  කම්පනය හේතුවෙන් රෝහල්ගත කළ  බවද පොලිසිය කියයි.

මෙසේ අකුණු සැර වැදීමමෙන් සීල තැන්න ගම්මානයේ නිවාස රැසක තිබූ විදුලි උපකරණ විශාල ප්‍රමාණයක් ද හානි වී ඇති බව හල්දුම්මුල්ල ආපදාකළමනාකරණ අංශ පවසයි.

ගම්මානයේ විශාල පිරිසකට මෙම අකුණු සැර වැදීමත් සමග සුළු කම්පන තත්ත්වයන් ඇතිවූ බවද ප්‍රදේශවාසීහු පවසති. අකුණු සැර වැදීමත් සමඟ සීලතැන්න ප්‍රදේශයේ විදුලිබලය ද මේ වෙනවිට විසන්ධි වී ඇති බවද ප්‍රදේශවාසීහු පැවැසූහ.