IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අකුණු සරින් දියණිය මරුට

(ප්‍රසාද් රුක්මල්)

පස්සර අඹතැන්න ගොවිපල ප්‍රදේශයේ එකම පවුලක මව, පියා ,අයියා , නැගණිය එකතු වී ගෙපලක් කපමින් සිටියදී හදිසියේ පතිත වූ අකුණු පහරක් වැදීමෙන් 10 හැවිරිදි දියණිය මියගොස් 16 හැවිරිදි පුතනුවන් තුවාල ලබා  බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස අකුණු අනතුරින් මියගොස් ඇත්තේ පස්සර අබතැන්න ගොවිපල ප්‍රදේශයේ පදිංචි ව සිටි පස්සර මධ්‍ය මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔබේසේකර මුදියන්සේලාගේ තිලක්ෂි මධුශිකා (11) නැමති සිසුවිය වන අතර ඇයගේ සහෝදරයා  තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය .

මොවුන් කුඩා නිවසක පදිංචිව සිටින අතර , නව නිවසක් ඉදිකිරීම සදහා දැනට සිටින නිවස අසල මව ,පියා, දියණිය ,පුතනුවන් එකතු වී උදලු අතැතිව ගෙපලක් කපමින් සිටියදී වැහි අදුරත් සමග එක්වරම පතිත වූ අකුණු පහරක් වැදී ඇතැයි ද පොලිසිය සදහන් කළේය .

මින් මව පියා කිසිදු තුවාලයක් නොලබා බේරි ඇති බවත් පොලිසිය පවසයි .

 



අදහස් (2)

අකුණු සරින් දියණිය මරුට

ජගත් ලියනගේ Friday, 01 November 2024 07:30 AM

හරිම කණගාටුයි. කාලගුණ දෙපාර්තමේන්තුව, අවුරුද්දකට සැරයක්වත් අකුණු වලින් අනතුරු වෙන්නේ කොහොමද කියලා කාලගුණ දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශනයක් කරනවා නම් හොඳයි. මොකද අපේ අයට ඔය දේවල් ඉක්මණින් අමතක වෙනවා...!

:       0       7

පියල් විරසිංහ Friday, 01 November 2024 08:31 AM

අකුණු ගහන්න ඕනේ අයට නෙමෙයි අකුණු ගහන්නේ. නැති බැරි අසරණ අයට...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site