
(ප්‍රදීප් කුමාර)
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අරුමෙයිනායගම් යශෝදරන් නමැති වයස අවුරුදු 42 ක් වන පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
එම පුද්ගලයාට අකුණු සැර වැදීමෙන් පසු අවට සිටි පිරිස් ඔහු වහාම පුදුකුඩියිරිප්පු රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ගොවි මහත්තුරු කාලගුණ සම්බන්ධව දෙන අවවාද වැඩිය ගණන් ගන්නේ නැහැ. මෙවැනි මරණවලට ඒකත් එක හේතුවක්... සමහර කුඹුරට හරි ගොවිපලට යනකොට කාලගුණය හොඳයි. නමුත් එක පාරටම කාලගුණය වෙනස් වෙනවා. වෙල්යායක් හෝ කුඹුරක් මැද්දේ රැඳුණා නම් බේරෙන්න හරිම අමාරුයි. ඔහුට නිවන් සුව පතමි.