
(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ නෙල්ලිවල අලකොළ ඇල්ල ග්‍රාම නිළධාරි වසමේ තරුණ ගොවි මහතෙකුට කුඹුරු අක්කරයක් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 10,000 ක පොහොර සහනාධාර මුදල වෙනුවට රුපියල් 1486 ක මුදල් පමණක් ලැබි ඇති බවට එම ගොවි මහතා චෝදනා කර සිටියි.
පසුගිය ජනවාරි මාසයේ එම මුදල බැංකු ගත කර තිබුණ බවත් තමන්ට කුඹුරු අක්කර එක හමාරක ප්‍රමාණයක් තිබෙන බවත් එයින් අක්කරයක ප්‍රමාණයක් වගා කර තිබෙන බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජි.ඩබ්ලිව් වසන්ත ගොවි මහතා මෙසේ කීය.
මට කුඔුරු අක්කර එක හමාරක ප්‍රමානයක් තිබෙනවා. මම අක්කර එකක ප්‍රමානයක් මෙවර ගොයම් වගා කරලා තිබෙනවා.ඉතින් හෙක්ටයාර් එකක් සදහා රුපියල් 25,000 පොහොර සහනාධාර මුදල් ලබා දෙන බවට රජය මගින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අක්කරයක් සදහා රුපියල් 10,000 මුදල් මට ලැබෙන්න .ඔනෑ.
පසුගිය මස 07 වැනිදා මට බැංකු ගිණුමට රුපියල් 1486 ක වැනි ඉතා අඩු මුදලක් බැර කරලා තිබුණා. මට කැට පොහොර සහ යුරියා පොහොර කිලෝ හැටක් විතර අවශ්‍ය වගා කර ඇති අක්කරය සදහා යොදන්න. ඉතින් රජයෙන් ලබා දුන් මුදලට මිලදී ගන්න පුළුවන් පොහොර කිලෝ නවයක් විතර තමයි .මට රතු කුඩු පොහොර කිලෝ 13 ට ආසන්න ප්‍රමාණයක් ගොවිජන සේවා එකෙන් ලැබුණා.
පොහොර නොමැතිව මගේ කුඔුරේ ගොයම් පදුරු වල වර්ධනය බාල වෙමින් තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අනුරගෙ වැඩක් කියන්න සූදානම් අයත් ඇති, මේක රටේ වෙච්ච ලොකුම වරදක් වගේ .. ගමේ කෘෂි පරීක්ෂණ නිලධාරි උන්නැහැට එරෙහිව පැමිණිලි කරන්න.
වී ගොවීන්ට පොහොර නොමිලේ දුන්නා කියලා වී මිල පහත යන්නේ වත් හාල් මිල අඩු වෙන්නේත් නෑ. ඉතින් ඇයි බදු මුදලින් සහනාධාර දෙන්නේ වී ගොවිතැනට විතරක්ම...?
පුනරුදේ කියන්නේ මෙන්න මේකට තමයි. නොතේරෙන අය දැන්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න.
පරිපාලන වියදම් හා කෘපනිසගේ ගමන් වියදම් අයකර ගත්තාම ඉතිරි වෙන්න ඇත්තේ එච්චර තමයි හිටපු කෘෂිකර්ම ඇමැතිගේ වැරැද්දම තමයි..
දූෂිත රාජ්‍ය නිලධාරීන්ට නිසි දඬුවම් දෙනවා. සේවයෙන් පහකරනවා වගේ දේවල් මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒවා එක රැයෙන් කරන්න ඕනෑ දේවල්... පරීක්ෂණ කරන්නම කමිටු දාලා තව අවුරුද්දක් දෙකක් ගන්න එකේ රටේ රාජ්‍ය සේවය බලාපොරොත්තු වෙන පුරවැසියන්ට කරන අසාධාරණයක්...