IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අක්කරේපත්තුව ගැමියන්-පොලීසිය ගැටී ඕ.අයි.සී අතුළු 11කට තුවාල

(ඉන්දිකා  රාමනායක)

රිය අනතුරක්  හේතුවෙන්  අක්කරේපත්තුව පාලමුණෙයි ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසක් පොලිසිය සමග ඇති කරගත්  ගැටුමකින් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 11 ට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය.

පිරිස් අතර පොලිසියේ අට දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ තිදෙනකු සිටින බව පොලීසිය කියයි.

එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රී 11.00 ට පමණ  තරුණයකු ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔහුට නවතින ලෙසට සංඥා කළ ඇති බවත්, සැකකරු පොලිස් අණ නොතකා වේගයෙන් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඔහු ලිස්සා වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම සිද්ධිය සැලවීමත් සමගම පාලමුනේ ප්‍රදේශයේ පිරිසක් පොලිස් මුරපොල වෙත  පැමිණ එහි සිටි සැරයන් වරයා ටත්, සිවිල් ආරක්ෂක භටයින් තිදෙනාටත් පහර දී මුර පොළටද හානි කර ඇතැයි මාධ්‍ය  ප්‍රකාශකවරයා පවසයි.

සිද්ධිය සැලවීමත්  සමගම අක්කරේපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ එම  පිරිස ස්ථානාධිපතිවරයාට සෙසු පොලිස් කණ්ඩායමට කණ්ඩායමට ද පහරදී ඇත.

සිද්ධියෙන් එක් පොලිස් නිලධාරියකු  බරපතළ තුවාල ද ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකුගේ කකුලට වෙඩි වැදී ඇත.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් වරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 

 



අදහස් (1)

අක්කරේපත්තුව ගැමියන්-පොලීසිය ගැටී ඕ.අයි.සී අතුළු 11කට තුවාල

කිරි පුතා Friday, 06 May 2022 02:57 PM

ඔය පැතිවල ඉන්න අන්තවාදීන් රටේ පවතින නීතියට හැමදාම අභියෝග කළා. පහුගිය කාලයක් තිස්සේ සිදුවුණු වැරදි තමයි ඒ... දැන් මේ රටේ පවතින අරාජික වාතාවරණය තුළ ඔවුන් තමන්ගේ අන්තවාදී අදහස් අනුව ක්‍රියාත්මක වෙනවා. මේවාට දැඩි තීරණ ගෙන වහා දඬුවම් කළ යුතුයි. නැත්නම් අනාගතයේ මොවුන් රටටම හිසරදයක් වෙනවා..

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site