(ඩී.ජී.සුගතපාල)
පොලිසිය දෙවතාවක්ම කළ අවවාද නොසළකා හැර නිරෝධායන සෞඛ්‍ය නිති රිති උල්ලංඝණය කරමින් මුව ආවරණ සහ අත් වැසුම් නොමැතිව කෙටි ආහාර පිළියෙළ කළ හෝටල් සේවකයන් දෙදෙනකු 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය ඊයේ (10) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල දෙවට ග්ලෝබල් හෝටලයේ ජමාල් අබ්දුල් මලාඩ් මෙහොමඩ් පිරිදවුස් (39) සහ මොහොමඩ් අරූස් මොහොමඩ් ජමිල්(30) නමැති සේවකයන් දෙදෙනෙකි.
නිරෝධායන සහ රෝග වැළැක්විමේ ආඥා පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙයට පෙර දෙවතාවක්ම මෙම සැකකරුවන්ට අවවාද කර ඇති අතර ඔවුන් ඒවා නොසළකා කටයුතු කර ඇති බවය. 2020 ඔක්තෝබර් 15 නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් කොන්දේසි කඩකරමින් නිරෝධායන ව්‍යවස්ථාවට අකිකරුවි සැකකරුවන් කටයුතු කර ඇති බවද පොලිසිය අධිකණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා පැතිරීමේ මුල. මේ ගොල්ලන්ගේ හිතේ තාම රටේ නීතිය මේ ගොල්ලන්ට අදාළ නැහැ කියලා. පිළිපදින්න රටේ නීතිය... දඬුවම් දීම ෂර්යා නීතියෙන් දෙන්නම්...
ඇත්තෙන්ම අඩුතරමින් මෙවන් සිද්ධීන් වලදිවත් අදාළ හෝටලයේ පැහැදිලි චායරුප මාධ්‍ය මගින් පල කරන්නේ නම් පාරිභෝගිකයන් ස්වභාවයෙන්ම අඩුවෙනු ඇත.එය නීතියෙන් දඩුවම් ලැබෙනවාටත් වඩා බරපතලය. අවාසනාවකට අදාළ බලධාරීන් මේ පිලිබදව කිසිදු තැකීමක් නොකිරීම කනගාටුවකි.
මේ වසංගතය පැතිරීමේ වගකීම මේ ජාතියේ අයයි.