
(සමන් කේ. ගමගේ)
අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතකු මෙවර අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70ක් උපයා ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම මිරිස් වගාවේ අස්වනු තව දුරටත් නෙලමින් පවතින බැවින් එම ආදායම මිලියන 10 දක්වා ඉහළ නැංවීමට තමන්ට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.
ඔහු නමින්බ බන්න්දුදුල මුණසිංහය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර ඇත.
මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේදය වගා කිරීමෙන් මෙම වාර්තා ගත අස්වැන්න ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.
සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධිඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පුළුවන් නං දුවගෙන ගිහින් මේ මනුස්සයාට සීයට 36 බද්දක් ගහන්න. එච්චරනේ උත්සහාවන්තයින්ට මේ රටේ කරන්නේ...!
දියවන්නාවේ ඉන්න බඩගෙඩිය ඒ මනුස්සයාගෙනුත් කප්පම් ඉල්ලයිද දන්නේ නැහැ...!
ඒ විතරන් නෙවෙයි, මංකොල්ලකාරයෝත් වැඩ පටන් ගනීවි අපේ රටේ හැටි එහෙම තමයි…!
අපිට දියුණුවෙන්න තියන එකම ක්‍රමය කෘෂිකර්මය විතරයි. මොකද අනික් ක්ෂේත්‍රවලින් ලෝකය හුඟක් දුර ගිහින්... මේ වගේ ගොවි රජවරු ආරක්ෂා කරගන්න ඕනේ... දේශීය වගේම විදේශීය වෙළෙඳපලක් හදලා දෙන්න ඕනෑ.
සද්ද නොකර මිරිස් ටික කඩාගනින්. නැත්නම් උඹට වෙන්නේ බදූ ගෙවන්න ණය වෙන්න. කොහේද ඉතිං කරල පැහෙනකොට පත්තරෙත් දානවනේ. හෙට අනිද්දා එයි ඕං කට්ටිය බලපන් බොරු නම්. මිරිස් ටික කඩාගෙන ගෙවල්, දොරවල් විකුණලා කොහෙට හරි යන්න...
ජයවේවා...
ගොවිරජෝ සියයට 36 ක් බදු ඉල්ලා ලිපියක් එන්න පුළුවන් නැත්නම් ගෙදරට ෆයිල් කාරයො එන්න පුළුවන් නුඹේ දාඩිය මහන්සිය අපි දන්නවා වුනාට එවුන්ලා දන්නෙ නැහැ උන්දැලා ආවොත් වහාම ඒකත් මහා ආඩම්බරයෙන් රටට කියපං කොල්ලො
ගොවිතැන ආදායම් බද්දෙන් නිදහස්. අනික ව්‍යාපාර බදු ගෙවන්නේ උපයනා ආදායමට නෙවෙයි බදු අය කළ හැකි ආදායමට...
සතුටුයි ඔබේ වගාවට හා ධෛර්යයට... ඒ වගේම නාස්තිය වළක්වා ගැනීමට නව ඇසුරුම් වලට පුරුදුවන්න...
මේ ලංකාව නම් හැදෙන රටක් නෙමෙයි. බලන්න මෙතැන ලංකාවේ බදු ප්‍රතිපත්තිය ගැන නොදැන කී දෙනෙක් අදහස් දක්වලා තියනවද කියලා? ඒ වගේම ඒ අදහස්වලට කැමැත්ත දක්වලා තියනවාද කියලා. ඡන්දෙකදී ලණු කන්නෙත් ඔයවගේ තමයි...
මෙහෙම වගාවක් කරන්නේ කොහොමද? උපදෙස් දෙන්න පුළුවන්ද?
මේ ගැන විස්තර අහගන්න කරුණාකර දුරකථන අංකයක් දෙන්න...
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී.කිවුවෙි කට කහනවට නොවේ.නව තාක්ෂනය මහ පොලවෙි යොදාගැනීම රටෙි අනාගත සුරක්ෂිතබව හා සෞභාග්‍යයේ අඩිතාලමයි.