
(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරීත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙය ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර
ව්‍යාපෘතියට අදාල තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමත්, ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනතාවගේ, රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ වගකීම සිහිපත් කරමින් ජෛව විවිධත්වය සුරැකීම, වන වැස්ම පුළුල් කිරීම සහ ස්වභාවික පරිසරයේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ඵලදායී ව්‍යාපෘති ගණනාවක් පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අක්කර දාහක වන වගාවක් හදන්න යයි
දසුන් Thursday, 01 May 2025 02:16 PM
හැබැයි විල්පත්තුව කපනවා...