
(සමන් කේ. ගමගේ)
තිරප්පනේ සෙම්බුකුලම හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති.
සෙම්බුකුලම හා දෙමටෑගම ගම්මානවල මෙවර කුඹුරු අක්කර 300කට ආසන්න ප්‍රමාණයක් වී වගා කර ඇත. එම ගොයමට මාසයක් පමණ ගත වී තිබේ.
එම යායට අලි 40ක පමණ රංචුවක් පැමිණීමෙන් කුඹුරු අක්කර 50ක් පමණ පොඩිකර විනාශයට පත් වී ඇත.
මෙලෙස දිගින් දිගට ම වන අලි පැමිණ කුඹුරු හා ගොඩ භෝග වගා විනාශ කර දමන බවද ගොවීන් මැසිවිලි නගයි.
මෙම අලි මිනිස් ගැටුමට තවම ස්ථීර විසඳුමක් ලැබී නොමැති බවත්, ක්‍රියාත්මක කෙරෙන යැයි කියන වන අලි පන්නා දැමීමේ මෙහෙයුම ද අසාර්ථක බව එම ගොවීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරවේදීන් කියන විදියට මේ කුඹුරු හදලා තියෙන්නේ අලිමංකඩ වලද... අද ඊයේ කරපුවාද...?
කොළඹ උදවියට මේක කරදරයක් නොවෙන නිසා, මෙය එතරම් වැදගත් නොවේ.
ඇමැති තුමා කිව්ව නිසා අපි නම් දැන් අලීන්ට රිලවුන්ට වෙඩි තියලා කරන්ට් වද්දලා මරනවා
අක්කර 50 න් 25 ක් අලීන්ට වෙන්කර දීලා අනිත් 25 වගා කරමු අර අපේ සහෝදරයා කිව්ව විදියට