(කාංචන කුමාර ආරියදාස)

අනුරාධපුර පලුගස්වැව හොරිවිල අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි  ගොවීහු පවසති.

විශාල බඩඉරිඟු වගාව ඇති හොරිවිල හේන් සියල්ලම සේනා දළඹු ව්‍යාප්ත වී ඇතැයි ද  මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු පැමිණීම සොයා බැලීමක් සිදු  නොකළ බව ද ගොවීහු චෝදනා කරති.

වෙළඳපලේ ඇති විවිධ කෘමි නාශක භාවිතා කළ ද මෙවර වගාවට හානි කරන සේනා දළඹු විශේෂය විනාශ නොවන බව හොරිවිල ගොවීහු පවසති.

බීජ සහ බිම් සැකසීම සදහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන්  අක්කර 1500 ට වඩා භූමියක බඩ ඉරිඟු වගා කර ඇත. 

මේ වන විට සියලුම ගස් සේනා දළඹුවන් කා දමා ඇතැයි ද  දින කිහිපයක් ඇතුළත මෙම සේනා ප්‍රහාරයෙන් වළක්වා නොගතහොත් අක්කර 1500 ක බඩඉරිඟු අස්වැන්න රටට අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති.