(තිලකරත්න දිසානායක සහ අංජුල මහික වීරරත්න)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය 106 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන "X-ban" 2024 අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ආරම්භ කෙරුනු අතර මෙම මස 28 වෙනි දින දක්වා මෙය පැවැත්වේ.
මෙහිදී බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 උසස් පෙළ ඉහළ සාමාර්ථයන් පෙන් වූ සිසුන් පිරිසකට ත්‍යාග ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනු අතර විද්‍යා හා ගණිත අංශයෙන් දක්ෂතා දැක්වූ සිසුන් පස් දෙනෙකු සහ තාක්ෂණ අංශයේ එක් අයෙකු මෙලෙස ඇගයීමට ලක් වූහ.
ප්‍රදර්ශන පරිශ්‍රයේ දී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගුවන් හමුදාපති උදේනී රාජපක්ෂ මහතා වෙත " X ban - 2024 " ප්‍රදර්ශනයේ නිල ටී ෂර්ටය, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සචිත්‍ර මිලාන් මහතා විසින් පිළිගැන්වීමද සිදු කෙරුණු අතර එම අවස්ථාවට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ බණ්ඩාරනායක ආදි ශිෂ්‍ය ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියහ.
ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන , විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, ගුවන් හමුදාපති උදේනී රාජපක්ෂ, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ යන මහත්වරුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගතවීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රටේ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 ඇතුලත නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බව කී ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළේය.
නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කළේය.
විදුහල්පති කසුන් ගුණරත්න මහතා විසින් X-ban" 2024 සමරු කලාපය ජනාධිපතිවරයාට පිළිගැන්වීය.
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල
අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය
මේ දිනවල පවත්නා වර්ෂාව හා පෝෂක ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (01) බදුල්ල මහියංගන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමමින් තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි