
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) සහ හෙට (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූවාය.
මෙරට සාර්ව ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසන්ධානයද ඇතුළත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම කැතරින් වෙස්ට් මහත්මියගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයේ අරමුණ වූවාය. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම් කටයුතු සඳහා රුකුල් දෙන ආකාරයේ නව අපනයන වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් පියවර ගැනීමටද අමාත්‍යවරිය සිය නිල සංචාරයේදී සැලසුම් කළාය.
අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මුණ ගැසී සාකච්ඡා කළ අතර හෙට (28) දිනයේ මානව අයිතිවාසිකම්, ප්‍රතිසන්ධානය, දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම සහ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා එක්සත් රාජධානිය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අවධාරණය කිරීම පිණිස යාපනයේ සංචාරයක නිරත වීමටද නියමිතය.
ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය ලෙස කැතරින් වෙස්ට් මහත්මිය පත්වීමෙන් පසුව සිදුකරන ප්‍රථම නිල සංචාරයේ කොටසක් ලෙස එය ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට