IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


UK ඉන්දු-පැසිෆික් අමාත්‍යවරිය විපක්ෂ නායක හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී  සිදුවිය.

මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගෙන් ඉල්ලා සිටියේය.

එසේම එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය.

මේ අවස්ථාව සදහා එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මියගේ පෞද්ගලික ලේකම් රොබ් කෝර්, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, යන මහත්වරු එක්වූහ.



අදහස් (2)

UK ඉන්දු-පැසිෆික් අමාත්‍යවරිය විපක්ෂ නායක හමුවෙයි

රුවන් Monday, 27 January 2025 08:08 PM

බ්‍රිතාන්‍යයේ වුණාට ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ඕනේ සජිත් එක්ක කතා කරනවා නම්.

:       0       2

වික්‍රම විදු Tuesday, 28 January 2025 08:18 AM

අම්මෝ සාක්කුවේ ලොකු එකපාර කෝටි 93ක්ම දාගන්න පුලුවන්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site