
(ගයාන් සූරිය ආරච්චි)
යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය මුල් ලියාපදිංචි ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා සංශෝධනය කර දීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගත් බවකියන තැරැව් කරුවෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම තැරැව්කරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු අසල කඩ කාමරයක් තුළදී එම මුදල ලබා ගැනීමේදී අල්ලස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනුලැබීය.
සැකකරු එම මුල් ලියාපදිංචිය සකස් කර දීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලා අත්තිකාරම් වශයෙන් රුපියල් දස දහසක මුදලක් ලබා ගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 නොවැම්බර් මස 04
293
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2121
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
RMV අසල අල්ලස් ගත් තැරැව්කරුවෙකු අත්අඩංගුවට
Shantha - Qatar Monday, 28 July 2025 06:06 PM
දැන් මේකට සම්බන්ධ වෙන නිලධාරීන්ට මුකුත්ම වෙන්නේ නැද්ද? දන්නේ නැති හින්දයි අහන්නේ...?
Pradeep KumaraTuesday, 29 July 2025 09:04 AM
Shantha - මේ තමයි මූලික පියවර. ඉන් පසුව මොහුගෙන් ලබා ගන්නා සාක්ෂි මත පදනම්ව ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන පරීක්ෂණ කර අත් අඩංගුවට ගැනීම තමයි ඊලඟ පියවර.