
ලෝක ක්‍රියාකාරී සංසදය මෙම වසරේ ලොව හොඳම නම්‍යශීලී පරිවර්තන සමාගමට හිමිවන සම්මානය සඳහා Pick Me ආයතනය යෝජනා කළ බව එම සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සේවා සපයන ආයතනය වන Pick Me හට ප්‍රචලිත ගෝලීය දැවැන්තයන් වන ෆෙඩෙක්ස් සහ හොලුබුවා වැනි සමාගම් සමඟ තරඟ කිරීමේ අවස්ථාව හිමි වූ අතර සංසදය විසින් යෝජනා කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකික ආයතනය බවට පත් වීමට හැකි විය.
මෙම වසරේදී සම්මානය තමන් සතු කර ගැනීමට Pick Me සමත් නොවුණද ඔවුන්ගේ නව්‍ය චින්තනය මෙම සමාගම් සමඟ සමාන ලෙස සැසඳීම ඔවුන් ලද ජයග්‍රහණයක් බවද එම සමාගම කියයි.
නාමයෝජනාව පිළිබඳ අදහස් දක්වමින් Pick Meහි ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි මහතා මෙසේ පැවැසීය. Pick Me යෙදුමේ නම්‍යශීලීතාව සහ විවර්තනීය වීමට ඇති හැකියාව මෙම ජයග්‍රහණයට හේතු වූවා. "CPVID 19" ශ්‍රී ලංකාව තුළ පැතිරීමට පෙර, පාරිභෝගිකයන් අපගේ යෙදුම බහුලව භාවිතා කළේ ප්‍රවාහනය මෙන්ම ආහාර ගෙන්වා ගැනීම සඳහාය.
එහෙත් වසංගත කාලය තුළ අපගේ සේවකයන්ට, හවුල්කරුවන්ට, ප්‍රජාවට සහ රජය ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට සහයක් වීමට නම් ඒ සියල්ලන්ටම ප්‍රතිලාභ සැලසෙන ශක්‍ය සැලැස්මක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අපි හඳුනාගත්තෙමු.
අපගේ ඩිජිටල් වේදිකාවේ කාර්යක්ෂමතාව සහ නම්‍යශීලීත්වය හේතුවෙන්, අර්බුදකාරී කාලයට උචිත ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වූයේ ඉතා සුළු වෙනස්වීම් පමණි. ඒ සඳහා ඉංජිනේරු අංශයේ සිට මෙහෙයුම් අංශය දක්වා නම්‍යශීලීව ක්‍රියා කිරීමට කටයුතු කළා. නිරෝධායනය සහ අගුලු ලෑම් කාලයන්හි මිනිස් පරිභෝජනය සිදුවන අයුරු සැලකිල්ලට ගනිමින්, වෙනස් වූ පරිසරයට ගැළපෙන, ඊට අදාළ යෙදුම් ඉදිරිපත් කිරීමට අපි සමත් වුණා. මේ වනවිට අපගේ පාරිභෝගිකයන්ට ඉතා වටිනා නව සේවා කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ල ඉතා කැපවූ කණ්ඩායමක් සමඟ ඉටු කිරීමට අපට හැකි වූ අතර ලෝක ක්‍රියාකාරී සංසදය වැනි කීර්තිමත් ආයතනයක් විසින් අපගේ කාර්යය ඇගයීම සතුටට කරුණක්.”
ලෝක ක්‍රියාකාරී සංසදය යනු ව්‍යාපාර ප්‍රතිනිර්මාණය කිරීමට සහ එම ව්‍යාපාර ඉහළ මට්ටමකට ගෙන යාමට නව්‍ය චින්තන භාවිතා කිරීමට දක්ෂ සංවිධාන සහ එම සංවිධානයන්හි නායකයන් අගයන වාර්ෂික උළෙලකි.
2025 නොවැම්බර් මස 04
320
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2133
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Pick Me ලොව වඩාත් කාර්යක්ෂම සමාගම් අතරට