IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO

මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz  සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුළින් තිරසාර  සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි.

තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, +, සහ Mercedes-AMG EQS 53 4MATIC වැනි වාහන මාදිලි මෙරට රථ වාහන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට සහ බෙදාහැරීමට DIMO කටයුතු කර ඇත. එමෙන්ම නුදුරේදීම මෙරටට ගෙන්වීමට නියමිත Mercedes-Benz EQB 250, EQE 350+,  350+, සහMercedes-Benz EQB 250, EQE 350+,  සමඟින් මෙරට බලයලත් නියෝජිතයන් අතර විද්‍යුත් වාහන  (EV) අංශයේ පුරෝගාමීයා ලෙස සිය ස්ථානය තහවුරු  කරගැනීමටDIMOසමත් වනු ඇත.

DIMOවෙතින් හඳුන්වාදෙන ලද මෙම Mercedes-Benz EQ රථ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සහ  කාලගුණික තත්වයට මනාව ගැළපෙන සේ නිමවා ඇති අතර  පාරිභෝගික  අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ම පාරිභෝගික කැමැත්ත මත  නිර්මාණය  කර ඇත. සෘජුවම Mercedes-Benz AG කර්මාන්තශාලාවෙන් මෙරට වෙළෙඳපොළට  බෙදාහරින මෙම සෑම වාහනයක් සඳහාම  Mercedes-Benz AG Global  නිෂ්පාදක වගකීම හිමිවන අතර වාහන මාදිලිය අනුව වසර 8-10 අතර කාල  පරාසයක් පවතින අධි වෝල්ටීයතාවකින් ((HV) ) යුත් බැටරි සදහා වගකීමක් ද  පිරිනමයි.

එමෙන්ම EQ වාහන පෙළ ප්‍රශස්ත බැටරි ධාරිතාවකින් යුක්ත වන අතර, එක් ආරෝපණයක් මඟින් කිලෝමීටර 400 සිට 700 දක්වා  ධාවන පරාසයක් ලබා දෙයි. පරිසරයට බලපෑමක් සිදු නොවන පරිදි මෙමHV බැටරි බැහැර කිරීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා  විශේෂ ක්‍රියාවලියක් අවශ්‍ය වේ. 

අනාගත ලෝකයට ගැළපෙන පරිදි කටයුතු කරන ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන අංශයේ පුරෝගාමියා වන DIMO, , වගකීමෙන් යුතුව මෙම බැටරි  බැහැර කිරීම සඳහා සුවිශේෂී  යාන්ත්‍රණයක්  ක්‍රියාවට නංවා ඇත.  ඒ අනුව ආයු කාලය අවසන් බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයන කරන සමාගම් කිහිපය අතරටDIMOසමාගම ද එක් වෙමින් සිය ක්‍රියාවලියේ තිරසාර බව සහතික කර තිබේ.

වගකිව යුතු ආනයනකරුවෙකු ලෙසDIMO සිය වාහන මේ රටට ගෙන්වීමේ සහ ලියාපදිංචියේ සිට අලෙවියෙන් පසු පුළුල් සේවාව දක්වා පරිපූර්ණ අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි.

අලෙවියෙන් පසු සේවාවට අමතරව, EQ  යුත් වාහන සඳහ චාජර් සහ සූර්ය පද්ධති ස්ථාපනය කිරීම සඳහා පහසුකම්  මඟින් සපයන අතර පාරිභෝගිකයන්ට සමස්ත විද්‍යුත් වාහන පද්ධතිය ගොඩනැඟීමට  පහසුකම් සලසා දෙයි.

(සී මුණසිංහ)



අදහස් (0)

Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 816 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 936 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site