IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


LOLC දිවි සවිය අධ්‍යාපනික මානුෂීය මෙහෙවරට ජාතික පිළිගැනීමක්

කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී,  ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ "LOLC දිවි සවිය" විශිෂ්ට මානුෂීය ප්‍රයත්නය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් ගෞරවනීය පිළිගැනීමක් හිමිකරගනු ලැබීය. මෙම ඓතිහාසික අවස්ථාව දිවයිනේ අධ්‍යාපන පසුබිම සාරවත් කිරීමට දරන ක්‍රියාශීලි මෙහෙවර වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයතනයක් මෙතරම් ගෞරවනීය ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව ලෙසද සනිටුහන් කරයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහත්තුරැ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා  සහ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මීන්  සමඟ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙතින් මෙම ගෞරවනීය ප්‍රශංසාව කාරුණිකව පිළිගනු ලැබීය.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ප්‍රේමජයන්ත මහතා මෙසේ පඅවසීය. “LOLC වෙත නිසැකවම හිමිවිය යුතු මෙම ජාතික ගෞරවය ලැබීම පිළිබඳව මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. දිවි සවිය වැඩසටහන ආරම්භයේ සිට මෙන්ම එම ජාතික කර්තව්‍යය ඉදිරියට පවත්වාගෙන යද්දී LOLC ආයතනික පුරවැසිභාවය උදෙසා ප්‍රශංසනීය ප්‍රමිතියක් ස්ථාපිත කළ අතර, ධනාත්මක සමාජ පරිවර්තනයක් ඇතිකිරීම උදෙසා පෞද්ගලික අංශයේ ආයතනවලටද කැපී පෙනෙන බලපෑමක් සිදුකළ හැකි බව පෙන්නුම් කර තිබේ. අධ්‍යාපනය සඳහා වන සිය පරිපූර්ණ ප්‍රවේශය ඔස්සේ LOLC විසින් ධනාත්මක සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ නව ප්‍රමිතීන් සකසමින්, ජාතික සංවර්ධනය වෙනුවෙන් සැබෑ මාර්ගෝපදේශකයකු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ඇත. මෙම මඟ ඔස්සේ යමින්, ජාතියේ අවශ්‍යතා සපුරාලමින්, රට නැගුමට දායක වන ලෙස මම පෞද්ගලික අංශයේ අනිකුත් ආයතනවලින්ද ඉල්ලා සිටිමි. 

පසුගිය 2022 - 2023 වසර තුළ විශේෂයෙන් දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට ඇතිකළ බලපෑම් ඇතුළුව අධ්‍යාපනික පරිසරයට සැලකිය යුතු ලෙස බලපෑ දැඩි ආර්ථික අභියෝග අපි අත්දුටුවෙමු.

මෙම තීරණාත්මක අවස්ථාව හඳුනාගත් LOLC සමූහය එහි ගැඹුරින් මුල් බැසගත් ශ්‍රී ලාංකීය සම්භවයෙන් ජාතිය කළ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වීය. "දෑයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්" ලෙස එහි සැබෑ අරුතින්ම නම් කළ මෙම වැඩසටහන, සිසුන්ට බාධාවකින් තොරව තම අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසමින් ඔවුන්ගේ පවුල්වල මූල්‍යමය පීඩනය සමනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මකවේ.  

සියල්ලන් වෙනුවෙන් තිරසර ප්‍රගතිය පෝෂණය කිරීම උදෙසා කැපවීමෙන් සිය ඉලක්ක කරා ගමන් කිරීමේදී LOLC සමූහය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරාලීමට ද දායකවේ. එහිදී ඔවුන් දුප්පත්කම පිටුදැකීම සඳහා මූල්‍ය ඇතුළත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉහළ නැංවීම මෙන්ම ලාභ ඉපයීමේදී ජනතාව සහ මිහිතලය පිළිබඳ අවධානය යොමුකිරිම දැකිය හැකියි.  දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාව නගා සිටුවීම උදෙසා LOLC හි කැපවීම ශ්‍රී ලාංකීය ප්‍රජාව සවිබල ගැන්වීමට ඔවුන් දරන ප්‍රයත්නය අවධාරණය කරයි.

2023 වසරේ පෙබරවාරියේ ආරම්භ කරන ලද LOLC දිවි සවිය සමාජ සත්කාරය දිවයින පුරා ශිෂ්‍ය ප්‍රජාවේ අත්‍යවශ්‍ය දෑ සපුරාලීමට කටයුතු කර තිබේ. අභ්‍යාස පොත්වල සිට ගණිත උපකරණ පෙට්ටි දක්වා පාසල් අවශ්‍යතා සැපයීමෙන්, LOLC 1 වසරේ සිට 13 වසර දක්වා සිසුන්ට ඉගෙනීමට සහ වර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතව සිටී.

අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන LOLC දිවි සවිය සමාරම්භක අදියරේදී පාසැල් 1400 කට අධික සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ උපකරණ බෙදාහරින ලද අතර, එහි  ඊළඟ අදියරේදී එය පාසල් 1600 දක්වා ව්‍යාප්ත කරන ලදී. දිවි සවිය තුන්වන අදියර දියත් කිරීමත් සමඟ අමතර පාසල් 1204 ක් ආවරණය කිරීමට අදහස් කෙරෙන අතර සමස්ත ආයෝජනය රුපියල් බිලියන 2.5 කි.

LOLC සමූහය ලද මෙම ජාතික පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම කීර්තිමත් ජාතික පිළිගැනීම අපි නිහතමානීව පිළිගන්නා අතර, අධ්‍යාපන අමාත්‍යාංශය ඊට ලබාදුන් ස්ථාවර සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමු. සැබෑ ආයතනික පුරවැසියකු ලෙස අපගේ ප්‍රයත්නයට අගයක් ලබාදෙමින්, කලාපයේ සමාජ වගකීම් ක්‍රියාමාර්ග වලට ආලෝකයක් වෙමින්, ප්‍රජා සුබසාධනය උදෙසා LOLC හි අඛණ්ඩ දායකත්වය මෙම සම්මානය මගින් අවධාරණය කරයි. මෙම ජාතික මට්ටමේ පිළිගැනීමෙන් නව ජීවයක් ලැබූ අපගේ දිවි සවිය වැඩසටහනේ අඛණ්ඩ සාර්ථකත්වයත් සමඟ, දිවයින පුරා ශිෂ්‍ය ප්‍රජාවේ සිත්සතන් වලට තිරසාර බලපෑමක් ජනිත කරලීම උදෙසා අපගේ මානුෂීය ගමන් මගේ නව නිම් වළලු කරා ළඟා වෙමින් අපගේ උත්සාහය තවදුරටත් පුළුල් කිරීමට අදිටන් කරගෙන සිටිමු.”

2023 දෙසැම්බර් මාසයේදී LOLC දිවි සවිය සිය අධ්‍යාපනික වැඩසටහනේ තුන්වන අදියර "අනාගතය තිළිණ කිරීම" යන තේමාව ඔස්සේ උත්සව සමයට සමගාමීව දියත් කරන ලදී. LOLC මධ්‍යස්ථාන 24 ක් කේන්ද්‍රගතව ප්‍රාදේශීය පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් සිදුකරන ලද ඉලක්කගත මෙහෙයුමේදී ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීම උදෙසා අධ්‍යාපන අවස්ථා පෝෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණ.  

LOLC දිවි සවිය, තුන්වන අදියරේ ඉදිරියට යාමේදී, විශේෂයෙන් සිසුන් 101-150 ක් සිටින පාසල් ඉලක්ක කරගනිමින් දිවයින පුරා පාසල් වෙත සිය ප්‍රවේශය පුළුල් කිරීමට උත්සාහ කෙරේ. මෙම ව්‍යාප්ති වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාසල්වලින් 40% කට වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමට සැලසුම් කර ඇති අතර, අප මේ වනවිට පාසල් 3000 සීමාව ඉක්මවමින් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා ළඟාවී සිටිමු. මෙම අදියර යටතේ බෙදා හැරීමේ කටයුතු පාසල් නිවාඩු කාලය අවසන්වූ පසු අප්‍රේල් මාසය අගදී යලි ආරම්භ කිරීමට නියමිතයි.

-595



අදහස් (0)

LOLC දිවි සවිය අධ්‍යාපනික මානුෂීය මෙහෙවරට ජාතික පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 833 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 876 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 204 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 1011 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2729 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 413 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2339 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2007 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site