IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


INSEE සිමෙන්ති විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවන්ට සම්මාන

INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.

INSEE, නොබිඳෙන බැඳීමක් … නොනවතින ගමනක්…අපගේ ශක්තිය... ' යන තේමාව යටතේ පැවැත්වූ මෙවර වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දුන් දැඩි අභියෝග හමුවේ පවා ගුණාත්මක නිෂ්පාදන සහ සේවා, කාලෝචිත බෙදාහැරීම් ක්‍රියාවලියක් සහ ප්‍රතිචාරාත්මක සහයෝගයෙන් පාරිභෝගික ජනතාව වෙත කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන්  ව්‍යාපාරික හවුල්කරුවන් ලබා දුන්  සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කෙරිණි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දැක්වූ INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා මෙසේ පඅවසීය. "පසුගිය වසර පුරා පැවති විවිධ අභියෝග ජය ගනිමින්, අප ලබා දෙන උසස් තත්වයේ නිෂ්පාදන හා සේවා පුළුල් කිරීමට INSEE සිමෙන්ති සමාගමට හැකියාව ලැබුණේ අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ශක්තිමත් සහයෝගය නිසා බව පැවසිය යුතුමයි. පසුගිය වසර තුළ, INSEE සිමෙන්ති සතු ආකර්ෂණීය නිෂ්පාදන පෙළට INSEE සංස්ථා තීන්ත  සහ INSEE සංස්ථා PVC නිෂ්පාදන එක් කිරීමට කටයුතු කළා. අපි අපගේ නිෂ්පාදන පරාසය පුළුල් කරන විට, එම ගුණාත්මක නිෂ්පාදන ප්‍රශස්ත අයුරින් පාරිභෝගික ජනතාව වෙත ගෙන යාමට  අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් ලබා දෙන්නේ සුවිශේෂී දායකත්වයක්. මෙය නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ සාමූහික කැපවීම පිළිබඳ හොඳ ම සාක්ෂියක් බව පැවසීමට කැමතියි."

මෙවර ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී ජාතික සම්මාන 11 ක් සහ කලාපීය සම්මාන 20 ක් ඇතුළුව ඉහළ වර්ධනයක් වාර්තා කළ ව්‍යාපාරික හවුල්කරුවන් වෙත සමස්ත සම්මාන 34 ක් පිරිනැමිණි. එමෙන් ම ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ ඉතිහාසය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරික හවුල්කරුවන් වෙත සම්මාන පිරිනැමූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ලියනගේ එන්ටර්ප්‍රයිසස්, 'වසරේ ව්‍යාපාරික සහකරු'ට හිමි සම්මානය දිනා ගත් අතර, ළහිරු එන්ටර්ප්‍රයිසස් සමාගමට නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීම සම්බන්ධයෙන්  විශේෂ සම්මානයක් පිරිනැමිණි. එමෙන් ම මෙවර සම්මාන උළෙලේ දී නිව් සෙන්ට්‍රල් හාඩ්වෙයාර් ආයතනය ප්ලැටිනම් ජයග්‍රාහකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.

 



අදහස් (0)

INSEE සිමෙන්ති විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවන්ට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site