
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අත්‍යවශ්‍ය බවට කිසිම තර්කයක් නැහැ .ඒ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක කළේ නැතිනම් රට නැවත අර්බුදයකට මුහුණ දෙනවා.එහෙම වුනොත් 2022ටත් වඩා අර්බුදයකට රට ගමන් කරන්න පුළුවන්.එදා වේදිකාවේ මොන විදිහට සංශෝධන ගේනවා යැයි කිව්වත් රනිල් ආණ්ඩුව සම්මත කළ මූල්‍ය අරමුදලේ ගිවිසුම ඒ ආකාරයටම කරගෙන යාම සුබවාදී කාරණයක් බව කිව යුතුයි.මේ ගිවිසුම නැවත සංශෝධන වලට ලක් කරන්න ගියොත් හිතනවාට වඩා අර්බුදයකට ලක්වෙන්න සිදුවෙනවා"යැයි අනුරාධ ජයරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝලාගේ පළපුරුදු තාත්තලා රට දියුණු කරපු හැටි තමයි බොල මේ.
IMF යන තැනට මේ රට හොරාකාලා විනාශ කෙරුවේ හිටපු දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදී දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි. හිටපු කුඩු අගමැති ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කුඩු ජාවාරම් කාරයෝ නිදහස් කරලා ඡන්දේ කෙරුව බව දන්නෝ හොඳාකාරවම දනිති...
කවුද බොලේ මේ ඇලිස්….