(යොහාන් භාසුර)
කම්කරු දෙපාර්තමේන්තුව සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා කම්කරු කාර්යාලවල කකටයුතු හෙට (21) සිට මේ මස 23 වැනිදා දක්වා සේවා සීමා කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ක ප්‍රතිලාභ ගෙවීම, ඒඑච් ලියාපදිංචි කිරීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ බී කාඩ්පත් සංශෛා්ධනය කිරීම යන සේවා අත්හිටුවූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එම සේවා සඳහා දුරකථනයෙන් දිනයක් සමහ වේලාවක් වෙන්කරගත් සේවාලාභීන්ට නැවත සේවා ආරම්භ කළ පසු ප්‍රමුඛතාව දෙන බවත් සේවා අත්හිටුවීම නිසා සේවාලාභීන් වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුවන බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදඟන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
EPF සේවා සීමාකරයි