
(රෝෂන් තුෂාර)
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අපරාධ පරීක්ෂණෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද (07)නියෝග කළාය .
නන්ද සිරි මල්ලවාරාචි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වග උත්තර කරුණු කරමින් ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත්කළාය.
2015 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් කැරම් හා දාම්බෝඩ් මිලදී ගැනීමත් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයන්ට අදාළව තමාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගැනීමට හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා මෙම ඇප අයදුම් පත්‍රය ගොනුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප නොදී, අත්අඩංගුවට අරගෙන දවසක් හරි තියලා තමයි ඇප දෙන්න ඕන. විඳින කලට දුක් පැණිරස නැහැ කියල උගන්වන්න.