(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 75 සංවත්සරයට සමගාමීව ආරම්භ කරනු ලබන පක්ෂ ප්රතිසංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වගකීම් විමධ්‍යගත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
පක්ෂ නායකයා යටතේ පැවති බලතල බොහොමයක් ඒ අනුව ඍජුවම පක්ෂ මධ්‍යම කාර්යාංශය වෙත පවරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා කමිටු ගණනාවක් පිහිටුවා ඇති අතර නීති කමිටුව ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද පරිසර කමිටුව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද සන්නිවේදන කමිටුව සුදත් චන්ද්‍රසේකර සහ දිනුක් කොළඹගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද ක්‍රියාත්මක කෙරෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 75ක් අසාර්ථක වූ කෙනෙක් තව මොනවා කරනවද මේ?
අවුරුදු 100ක් වුනත් හොරා හොරාමයි..!!!
75 නොවෙයි, 95 සපුරද්දිත් මෙයාගාව අලුත් වැඩ තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන්, වර්තමාන දේශපාලනයේ අත්දැකීම් බහුල පළපුරුදු ඔබතුමා ලංකාවේ දේශපාලන ක්‍රමය නව දිසාවකට යොමුකිරීමට පසුබිම සකසා දෙන්න..
නිකං ගඟට ඉනිකපලා මහන්සි වෙන්න එපා. ජීවිතයේ සැඳෑසමයේ ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන යන තැනට වැඩක්කර ගත්තොත් නරකද?
කොරෝනා මේ වනවිට වෙනත් ආකාරයකින් පැතිර යාමේ අවධානම තිබෙන්නා වූ නිසා සූම් තාක්ෂණය මගින් පාක්ෂිකයින් ඇතුළු සියලු අත්‍යාවශ්‍ය කණඩායම් සකච්ඡා කිරීම වැදගත් වේ. එවිට ලංකාවේ WHO කණඩායමක් පවා සහබාගි කරව ගැනීමට හැකියාව පවතී. ඒ මගින් ඍජුව ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු ලබාගැනීමට හැකියාව පවතී. ලංකාවේ WHO කණඩායමක සහභාගීත්වය සහ ඔවුන්ගේ උපදෙස් රටේ නායකයින් හට තීන්දු ගැනීමට සහ සහභාගි වන්නා වූ වෛද්‍ය කණ්ඩායමටද සහයෝගයක් වනු ඇත...
පසුගියදා රටට වෙනසක් ඉල්ලා තරුණයකු විසින් කතා කිරීමෙන් පසු ලැබෙන්නාවූ ජනතා ප්‍රසාදය, අනවශ්‍ය වොයිස් කට් අප්ලෝඩ් කිරීමෙන් ඔහු විසින්ම නැතිකර ගැනීමට නොකළ යුතුවේ.
ඔය ඉතින් මහාචාර්යතුමියගෙන් ගුටිකන මගුලක් තමයි.