
(ඩයනා උදයංගනී සහ ජයමාල් චන්ද්‍රසිරි)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උත්ස භූමියට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ඉති අභිමානවත් අයුරින් ආරම්භ විය.
‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යනු ලැබිණි.
ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නැංවීම සිදුකරන අතර පාසල් සිසු සිසුවියන් 45 දෙනෙක් විසින් ජාතික ගීය, ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරේ.
අනතුරුව ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජාතිය අමතා අදහස් දැක්වීම සිදුකරන්නේ පෙරවරු 8.41 ටය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය හා සංස්කෘතික සංදර්ශනය ආරම්භවීමට නියමිතය.
මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,500ක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3463 ක්, නාවික හමුදා සාමාජිකයන් 919 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 804 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 282 ක්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායෙන් 259ක් ඊට ඇතුළත්ය. පෙළපාලියට යුද හමුදා සන්නද්ධ රථ 111ක් ද ඇතුළත්ය.
උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා 26ක් හා නියමුවන් 50ක් මෙම අවස්ථාවට එක්වෙමින් දස්කම්පෑමට නියමිතය.
ආචාර පෙලපාලිය අවසානයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන කණ්ඩායම පළාත් සභා සංස්කෘතික මධ්‍යස්ථානයන් ආදිය නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 431 දෙනකු සහභාගී වීමට නියමිතය.
මෙම උත්සවය පෙරවරු 10.23ට නිමාවට පත්වේ.
74 වන නිදහස් දින උළෙලේ සජීවී විකාශය
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා දකින කොටත් අපිට පුදුම ආඩම්බරයක් එන්නේ. ලෝකයටම ආදර්ශයක් වෙමින් ඔබතුමා එඩිතර ගමනක් යනවා.
නිදහසේ පියා ඩී.එස්. සේනානායක මහතා වශයෙන් අපි හඳුන්වමු. සියලුම දූෂිතයින් නිදොස්කොට නිදහස් කිරීමේ පියා වශයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව අපි හඳුන්වමු. සුද්දාගෙන් නිදහස් කරගත් රට වාර්ෂිකව නිදහස් උත්සව පවත්වමින් කොටස් වශයෙන් චීනාට, ඉන්දියාවට විකුණමින් ලෝකයට හිඟන්නන් වශයෙන් අපි ජීවත්වෙමු. පවුලක අයිතියක් වී ඇති ශ්‍රී ලංකාව පවුල් පාලනයෙන් නිදහස් කරගැනීමට නැවත නිදහස් සටනක් ගෙනයාමට ජනතාවට සිදුවී ඇත...
නැති නිදහසක් සමරන්නේ කොහොමද?
කිසිම නායකයෙක් අපේ නිදහස ලබාගන්න හිතලාවත් නැහැ, සුද්දෝ අපේ සංස්කෘතිය, අධ්‍යාපන ක්‍රමය, නීතිය ඇතුළු සියලු දේ ඔවුන්ගේ වුවමනාවලට වෙනස් කරලා අපේ අයට දුන්නා ඒවා කරන් යන්න දිගටම..., දැන් ඔය සමරන්නේ එකම කොටසක්.., නිදහස ලැබුණා නම් කෝ අපේ අධ්‍යාපනය..? නීතිය? අපේ ඉතිහාසය? අපේ වෙදකම? අපේ ආහාර?
අර දැන් ඇහෙන්නෙම නැති එක්තරා සින්දුවක් තිබ්බා නේද? එකේ වචන ටිකක් මෙහෙම වෙනස් කරලා නැවත ගායනා කළොත් අපේ නිදහසේ අභිමානයට කැළලක් වෙයිද? නැත්නම් "ඇත්ත නේන්නම්" කියලා හිතෙයිද? නිදහස සමරන්නත් පාකිස්තානයෙන් ණයට සල්ලි ගන්න තැනට කවුරු හරි මේ රට දැන් පත්කරලනේ තියෙන්නේ. ඒක අපට කොච්චර අභිමානයක්ද? ඒකයි ඇහුවේ... "නිදහස ලැබුණා මල්ලී, නිදහස ලැබුණා ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා... කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ ලණුව චීනාගේ වුණත් කොඩිගහ අපගේ ලේ හැලුණේ නෑ.. ඉන්දියාව තරහ වුණෙත් නෑ. හිතන්න නිදහස ලියන්න, කියන්න නිදහස බනින්න... නිදහස ඇති රට මේ උත්තම රට බයිලා කියා පුදදෙමු අප ස්වෛරි සිරිලක නිවන් දකිත්වා අපගේ ජනනායක කැල" ජයවේවා..!!!
තම පවුලේ අයම එයාලාම පිළිගන්නා පවුලේ උළෙලක්. අපරාදේ අපේ සල්ලි...
අපි නිදහස්ද? යටත්ද?
ලංකාවේ අයගෙන් සුද්දන් නිදහස ලබලා අවුරුදු 74යි.