(ඉන්දිකා රාමනායක)

රත්නපුර ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (2) රාත්‍රියේ ඇති වු ගින්නකින් 69 හැවිරිදි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇතැයි ඇලපාත පොලිසිය පවසයි .

මෙම නිවසේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සහ රත්නපුර ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවා දමා ඇත .

කාන්තාව මෙම නිවසේ තනිවම ජීවත්ව සිට ඇති බවද පොලිසිය පවසයි.

මෙම නිවසේ ගෑස් උදුනක් හෝ විදුලි බලය හෝ නොතිබු බව පොලිසිය කියයි .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇලපාත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .