(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ.
එම ඉහළ දැමීමේදී පාරිභෝගිකයන් ලක්‍ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් විදුලි ඒකක 30 දක්වා පහළම විදුලි ගාස්තු ස්ථරයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් බවට පත්කර තිබේ.
විදුලි ඒකක 31 ත් 60 ත් අතර පැවැති රුපියල් 677 ක විදුලි ගාස්තුව සියයට 221 කින් ඉහළ දමමින් එම ගාස්තුව රුපියල් 2,178 ක් බවට පත්කර ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් බවට පත්ව තිබේ.
රුපියල් 1,625 ක්ව පැවැති විදුලි ඒකක 61 ත් 90 ත් අතර විදුලි ගාස්තුව රුපියල් 3970 ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ගාස්තු ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 144 කි.
විදුලි ඒකක 31 ත් 60 ත් අතර පාරිභෝගිකයන් 1550,000 ක් සහ විදුලි ඒකක 61 ත් 90 ත් අතර පාරිභෝගිකයන් ලක්‍ෂ 14 ක් සිටිති.
විදුලි ඒකක 91 ත් 120 ත් අතර පාරිභෝගිකයන්ගේ මෙතෙක් පැවැති රුපියල් 3,358 ක විදුලි ගාස්තුව සියයට 86 කින් ඉහළ දැමීමෙන් එම ගාස්තුව රුපියල් 6,238 ක් බවට පත්ව තිබේ.
රුපියල් 5,467 ක්ව පැවැති විදුලි ඒකක 121 ත් 180 ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 8,347 ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතය සියයට 53 කි.
විදුලි ඒකක 180 ට වැඩි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව සියයට 18 කින් පමණක් ඉහළ දමා ඇති අතර එම කාණ්ඩයේ රුපියල් 15,460 ක්ව පැවැති ගාස්තුව රුපියල් 18,300 ක් බවට පත්ව තිබේ.
මෙම ගාස්තු ඉහළ දැමීම ඊයේ (15) වැනිදා සිට ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සහ විදුලි ඇමති තමාට කරගන්න බැරිව රටේ දුප්පත් ජනතාව බිත්තියට හේතු කරනවා. මේ ආණ්ඩුවට තියන විසඳුම නම්, ලාබ ලබන රටේ සම්පත් විකුනීම, පුද්ගලික කිරීම සහ අසීමිත මිල වැඩි කරමින් ජනතාවට බර පටවන එක. එහම නැතුව මේ ආණ්ඩුවට විකල්පයක් නැහැ.
අඩු අදායම්ලාබීන් හා මධ්‍යම පන්තියට තමා මුන් හැමෝම පුම්කේ අරින්න හදන්නේ....දෙන්නම් මේ පාර උබලට වරෙව්කො ගම්වලට ආයේ....
ඇමැතිට තේරෙන හැටියට ඇති නැති පරතරය අඩු කරන්න හදලා වගේ...!
කාංචන කියන්නේ උගත්කමක් නැති කෙනෙක්.. පියා වගේම කෙනෙක්. ගණන් බැරි බව අහන්නත් දෙයක්ද?
රට පත්ව ඇති තත්ත්වය හමුවේ අඩු ආදායම් ලාභීන් ඇතුළු ජනතාවට සහන සැලසීම පසෙක තබා දරාගත නොහැකි බරක් පැටවීමෙන් මෙම පාලකයින් අපේක්ෂා කරන්නේ කුමක්ද? මෙම විදුලිබිල කිසිසේත්ම දරාගත නොහැකිය. වසර ගණනාවක අකාර්යක්ෂම පාලනය සහ දුෂණය මත පාඩු ලබන ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව එක්වරම ජනතාවගෙන් අයකර ගැනීමට යාම කොතෙක් දුරට සාධාරණද?
මේ අය කරන්නේ බිල් වැඩි කරකර, විදුලි බල මණ්ඩලයෙන් ගසාකන එක... රටේ ලාභ ලබන සම්පත් විකුණනවා. පාඩු ලබන ශ්‍රී ලංකාව වැනි සුදු අලි විකුණන්න හෝ වසා දමන්න මොවුන් කැමැති නැත්තේ ගසාකන්න අවශ්‍ය නිසා.
බොරුවෙන් වංචාවෙන් හා මැරබලයෙන් බලය පවත්වාගෙන යන්න හා ආන්ඩුකරන්න තමයි වැඩ බැරි දුෂිත රාජපක්ශ වික්‍රමසිංහගෙ හවුල උත්සාහ කරන්නෙ. ඒ්ක කරන්න පුලුවන් වෙන්නෙ තව ටික කාලයකටයි කියලා මුන්ට තවම තෙරුම් ගන්න බැරිවො තියෙනව.
මේක විදුලි පාරිභෝගිකයාගේ හුස්ම හිරවී මැරෙන්න තරම් ඉහළ මිල වැඩිකිරීමක්... ඔබලාට ආණ්ඩුව කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට කරන්න ඉඩදෙන්න. මෙහෙම වද විඳිනවට වඩා මැරිලයන එක සැපතක්...
පින් ජනාධිපතියා මිනිස්සු එක්ක. තරහවක් තියෙන කෙනෙක්.. ඒ මිනිස්සු පොරට ඡන්දේ දෙන්නේ නැති නිසා.. පොර හදන්නේ මිනිස්සුන්ගන් පලි ගන්න..
තක්කඩි පාලකයින් දෙස බලා, ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රික උම්මාදයෙන් මුසපත් වුණු දුගී පුරවැසියාට අවසානයේ තමන්ටම දරා ගත නොහැකි දුකට පත්වේ... ලෝකයේ බලවත්තු ලංකාව අල්ලා ගැනීමට දිනපතා උත්සාහ කරන බව නේද හිතාගෙන උන්නේ..? මේ වගේ ම්ලේච්ඡයින් ජීවත් වෙන රටක් අල්ලාගන්න වෙලාවේ, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව වැනි රටක් පහසුවෙන් අල්ලා ගන්න ඇමරිකන්කාරයින් හෝ යුරෝපීයයන් පොරකන්නේ නැත්තේ ඇයි කියලා හිතා ගන්න පුළුවන්ද? උත්තරය තමයි, නුඹලා වගේ ගොන් මෝඩයින් ඒ රටවල නැතිකම... එක අතකට, ඒකීය රටක, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙනවා නම්, මොන ලයිට්ද?
බොහෝම හොඳයි. ලයිට් බිල මේ රටේ හොඳටම අඩුයි. බඩු මිල හා බඩු බර අඩුයි. ආදායම හා පඩිනඩි ඉතා ඉහළයි. රටේ ජනතාව තුන්වේල කාලා බීලා නටමින් සතුටින් පිරි ජීවිතයක් ගෙවනවා. දරුවන් කිසිඳු අඩුපාඩුවක් නැතිව ඉගෙන ගන්නවා. පොත්පත්, ලිපිද්‍රව්‍ය හරිම ලාබයි. බස් ගාස්තු තෙල්, පෙට්‍රල්, ගෑස් ඇතුළු හැමදේම මිල අඩුයි. ඒ නිසා රටේ පවතින පාලනය ඉතාමත් හොඳයි. ජනතාවගේ දුක හඳුනන දේශපාලකයින් ඉන්නේ. දූෂිත පවුල් පාලනය රටෙන් හොරාගත් සියලු දේ නැවත පවරා ගත්තා. පිටරට හා මෙරට ඔවුන්ගේ බැංකු ගිණුම් සීල් කළා. මෙහෙව් රටේ ලයිට් බිල පොඩ්ඩක් වැඩි වුණාට මොකද වෙන්නේ...?
luxury apartments වල පදිංචි මිනිස්සු කොච්චර පාවිච්චි කළත් ගෙවන්නේ පොදු කාර්ය කියලා අඩු ගාණක්. සුපිරි පැලැන්තියට අඩු ගාණට තමයි විදුලිය දෙන්නේ... මේක මහා අසාධාරණ රටක්...
වංචා, දූෂණ අවම කරන්න කිසි අදහසක් නෑ. මීට පස්සේ නිකරුණේ කාලය කා දමන විදුලිබල මණ්ඩලය සේවකයින් දුටු තැන අපි ප්‍රශ්න කරනවා...
විදුලි බිල වැඩිකළ යුතුයි. ඒ සමගම මන්ත්‍රී පඩියත් ප්‍රාදේශීය ඇතුළුව වැඩිවිය යුතුයි.
පාලකයින්ගේ වරදින් වන්දි ගෙවන මහා දුක්ඛිත ජාතියක් අපි...
මෙතන රාජපක්ෂලාට විරුද්ධ ප්‍රවෘත්තියක් දැක්ක ගමන් පස්ස ඉරාගෙන කහින අමන රැළ මොකද දන්නේ නැහැ අදහස් දාන්නේ නැත්තේ..? කාලකණ්ණි.
දූෂිත දේශපාලුවෝ විදුලිබල මණ්ඩලයට කෝටිගණන් පොලු තිබ්බා. අන්තිමට ඔවුන්ගේ පවුත් කරගහන්න වෙන්නේ රටේ මහජනතාවට...
මෙතන කාටවත් ඇත්ත තේරුම් ගන්න බැරි එක තමයි ප්‍රශ්නය.මිනිස්සුන්ට වැඩිවෙන සියලුම දේවල් දරාගන්න පුළුවන්.හාල් 60 ඉදල 220 ට වැඩිවෙලා.එකට ගොවියනට මෝල් හිමියන්ට. දුරකථන බිල් කිප ගුණයක් වැඩි වෙලා ඒවාට මොනවත් නෑ.එත් පිටරටින් ගල්අගුරු ගෙනත් විදුලිය නිපදවලා රුපියල් 56 ක් එක ඒකකයට වියදම් යද්දී එක තවම රුපියල් 8 ට දෙන්න කියනවනම් ඊට වඩා කුහක කමක් නෑ. ඕක සහන මිලයට දුන්නත් ඒ වියදමත් ආයෙත් දෙන්න ඕන ආණ්ඩුවෙන්.ඒ කියන්න අපේ සාක්කුවටම තමයි යන්නේ.ආණ්ඩු මෙච්චර කල් ණයට අරන් පිනට විදුලිය ,ආදී සියලුම දේවල් පිටරටින් ගැනත් අඩු මිලට දුන්න එකේ විපාකය තමයි අපේ දරුවෝ විදින්නේ. ඕකට කියන්න ඕනේ රටට $ ගෙන්වන industry වලට පමණක් සහන මිලට දීලා පන්සල් පල්ලි වලට සහන දෙන්න එපා කියන එකයි. තව සෝලා පැනල් හා ඉන්වර්ටර් වලට ගෙවන්න තියෙන බදු අඩු කරන එක තමයි.
සමිත බූරුවො මොනවද ඔයි තමුසෙ කියවන්නෙ ........
ගොන් හරක්ට ඔහොම වෙලා මදි...
හෙන ගහන්න ඕන. මිනිස්සුන්ට මේ කරන අපරාදෙට
දැන් කට්ටියම ලයිට් නිවලා ඉටිපන්දම් පත්තු කර ගන්න. පිනාටයි, පොහොට්ටුවටයි පින් පමුණුවලා ඉටිපන්දම බැගින් පත්තු කරන්න.
හොඳට තිබුණු මේ රට දේශපාලකයන් හොරා කෑවා. ඒ නිසා රට නැත්තටම නැතිවෙලා බංකොළොත් වුණා. තවමත් හොරුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කෙරෙන්නේ නැහැ. ලයිට් බිල් වතුර බිල් මීට පෙරත් වැඩි වුණා. දැන් ආයෙත් දරන්න බැරි තරම් ලයිට් බිල ඉහළ ගියා. ගහෙන් වැටුණු මිනිහාට ගොනාත් ඇනලා ඇටකටු බිඳෙන තුරු මෝල්ගහෙන්ද තැලුවා වගේ වැඩක් වුණේ. රටේ සිද්ධවෙන හොරකම් කලින් සිදුවුණා වගේ නෙමෙයි. විශාල ලෙස වැඩිවෙලා. පොලීසියේ හා ආරක්ෂක අංශවල ඇතැම් අයත් හොරකමට බැහැලා. මේ හොඳට තිබූ අපේ රටට සිදුවූ දෙයක්. මේවා දෙවියන්ටම පෙනීයන් ...
බයි වහල්ලුන්ට දැන් සැපද? රනිල් රාජපක්ෂ එකතුවෙලා රට නැත්තටම නැති කරන්නයි යන්නේ... කාලකණ්ණි...