(සුජිත් හේවජූලිගේ)
දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත.
මේ තීරණය දැනුම් දෙමින් අගමැති, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ නිවේදනයක් පසුගිය 12 වැනිදා නිකුත් කරනු ලැබීය.
මේ නිවේදනය අනුව වසරක සේවා දිර්ඝය හිමි වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ට දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ටය.
කෙසේ වෙතත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් දෙසැම්බර් 31 වැනි දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වෙනු ඇත.
මේ අනුව වයස 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන්ට වයස 60 තෙක් රාජකාරි කිරීමටත් වයස 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන්ට වයස අවුරුදු 61 දක්වා රාජකාරි කිරීමටත් වයස 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් අවුරුදු 62 දක්වා රාජකාරි කිරීමටත් වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන්ට වයස 63 දක්වා රාජකාරි කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
අගමැතිවරයා එම නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට පරිණත ආණ්ඩුවක් ලැබෙන්නේ කවදාද? පළමු උත්සාහයෙන් තීරණයක් ගත හැක්කේ කාටද?
ලංකාවේ මෝඩයන් සිතා සිටියේ සහ සිටින්නෙ රටට අවශ්‍ය දොස්තර පමණක් බවයි. ලංකාව මෙවැනි තත්වකයට වැටීමට ප්‍රධාන හෙතුවක් තමා ඒක. ඒ නිසා බහුතරයක් ඉංජිනෙරුවො, මහාචාර්යවරු, ආර්ථික විශේෂඥයන්, ගුරුවරු, කෘෂි විද්‍යාඥයන් රටවල් අත ඇරල යනව. අන්තිමෙට රටේ ආර්ථිකයත් බිමටම වැටිල සෞඛ්‍යයත් බිමට වැටෙනව. එතකොට තමා තෙරෙන්නෙ රටට ඕනි දොස්තර විතරක් නෙවේ කියල.අඩු තරමේ රටට අවශ්‍ය බෙහෙත් පවා ගේන්නෙ ගාමන්ට් ළමයි,තේ දලු නෙලන පිරිසගෙ දාඩිය කඳුලු වලින්. හැබැයි අපේ මෝඩයන්ට අනුව ඒව පහත් රැකියා. පිටරටවල සියලුම වෘත්තිකයන් එක හා සමානයි. ඒකයි ඒ රටවල් දියුනු වෙලා අපි ඒ රටවල් වලින් ණය ගන්නේ.
ඇයි දේශපාලුවන්ට මෙ නීතිය නැත්තෙ ?
මම කියන්නෙ දේශපාලුවොත් මෙ විදියට 60 න් ගෙදර පන්නන්න ඔන. මුන් නාකි වෙලා ඇවිද ගන්නවත් බැරි වෙලත් තවම පර්ලිමන්තු එනව.