
(රොෂන් තුෂාර)
රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.
මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ කේ .වි. චිත්‍රානන්ද නමැති පොලිස් සැරයන් වරයෙක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
කල් ඉකුත් වූ බර වාහන රියැදුරු බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා තුන්දාසක මුදල ලබාගෙන ඇති බව අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතුගම විතරක් නෙවේ හැම පොලීසියකම ඉන්නේ අල්ලස් ගන්න අය. වත්තල පොලිසිය මෙයිනුත් පලවැනි මම හිතන්නේ. 5000/- අඩුවෙන් දුන්නොත් විනාසයක්. පැමිනිල්ලක් නම් දෙපැත්තෙන්ම ගන්නවා. අන්තිමට පැමිනිලි පක්ශයට හුලං. මරනයක් රපොර්තු කරන්න ගියොත් ඒකට යවන්නේ හැමදාම එකම රාලහාමි එයා පුලුවන් නම් මැරිච්ච එකාගෙනුත් නැගිට්ටවලා ගනී. මරනය දැනුම් දෙන එක්කෙනාගෙන්, මරන් පරික්ශනයට බොරුවට දාලා එත්නින් අන්තිමට එයාකියන මල්ශාලාව්ට අපි යන්න ඕනේ. ඒ මල් ශාලාවෙනුත් එයාට ගාන එනවා. එයා කියන මල් ශාලාවට නොගියොත් මරන පරීක්ශනය දිනයක් පමා කරනවා. මේ කියන රාලහාමි හරිම පෝසතෙක්. නිවඩු ගත කරන්න යන්නේ පිටරට. මේවා ගැන හොයලා බලන්න වගකිව යුත්තන්ගේ දෑස් මේ අන්ඩුවෙන්වත් දෑස් ඇරේවා.
මන්දයත් දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි ස්ථාන මාරු ක්‍රමයක් ක්‍රියාත්මක නොවන නිසා ඇතැම් නිලධාරීන් දීර්ඝ කාලයක් එකම ස්ථානයක රැඳී සිටින බැවිනි. සමහර නිලධාරීන් ඔවුන්ගේ උපන් නගරයේ. සමහර OIC ලා පොලිස් පරිපාලනය දන්නේ නැහැ. පහසු කාර්යයක් සඳහා එක් විෂයයක් සඳහා එක් නිලධාරියෙකු යොදවා ඇත වෙනසක් නැත. එයා කරන්නේ මුලින් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩේ හරියට කරලා පස්සේ ආදායමක් ගන්න ක්‍රමයක් හදාගන්න එක. මාලිකා සඳහන් කළේ මෙයයි. සියල්ල ඔහුගේ අභිමතය පරිදි සහ නීති විරෝධී ඉපැයීම් ලෙස සකසා ඇත. අල්ලස් දෙපාර්තමේන්තුවට හැමදේම පාලනය කරන්න බැහැ. ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් රස්තියාදු වී සිටින අතර ඔවුන්ගේ මිනිසුන් පාලනය කරන්නේ කෙසේදැයි ඔවුන් නොදනී.