IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


24 පැයේම උපදෙස් සේවාවක් රත්නපුර රෝහලෙන්

අජිත්ලාල් ශාන්තඋදය

කොරෝනා නිරෝධානය වාට්ටුවක් ස්ථාපිත කළ ද රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෙනත් ප‍්‍රතිකාර සිදුකරන අතර රෝගීන්ගේ පහසුව පිණිස කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, ප‍්‍රසව හා නාරිවේද සහ හෘද රෝග ප‍්‍රතිකර සම්බන්‍ධයෙන් පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක උපදෙස් සේවාවක් ස්ථාපිත කර ඇති බව රත්නපුර රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි.

ඉහත රෝගී තත්ත්වයන් සම්බන්‍ධයෙන් රෝග ලක්‍ෂණ දුරකතනයෙන් දැනුම්දී උපදෙස් ලබාගෙන රෝහල් ගතකළ යුතු ද නැද්ද යන්න පිළිබදව උපදෙස් ලබාදීමත්, සේවාවන් සැපයීමත් මෙමගින් සිදු කෙරේ.

එවිට අනවශ්‍ය ලෙස රෝහල් පරිශ‍්‍රය තුල මහජනතාව ගැවසීම අවම කර වයිරසය පැතිර යාම වැළැක්වීමට ගත් පියවරක් බවද වෛද්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.

ඒ අනුව දුරකතන අංක 071-9902261න් කායික රෝග උපදෙස් ද 071-9902262 අංකයෙන් ශල්‍ය වෛද්‍ය උපදෙස් ද 071-9902263 අංකයෙන් ළමාරෝග සම්බන්‍ධයෙන් උපදෙස් ද, 071-9902264 අංකයෙන් ප‍්‍රසව හා නාරිවේද සම්බන්‍ධයෙන් උපදෙස් ද 070-3700040 අංකයෙන් හෘද රෝග සම්බන්‍ධයෙන් උපදෙස් ද ලබාගත හැකිය.

මෙම රෝගී තත්ත්වයන් සම්බන්‍ධයෙන් සායන වලින් දිගින් දිගටම  ප‍්‍ර‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ද යම් සංකූලතා ඇති වන්නේ නම් ඉහත දුරකතන අංක අමතා වෛද්‍ය සහාය සේවා ලබාගැනීමට පහසුව සලසා ඇති බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.



අදහස් (0)

24 පැයේම උපදෙස් සේවාවක් රත්නපුර රෝහලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site