IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


22 ජනපති ඡන්දයට බාධාවක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවෙන දිනය කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇතැයි  කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (6)

22 ජනපති ඡන්දයට බාධාවක් නෑ

ජගත් ලියනගේ Saturday, 20 July 2024 06:18 PM

ජනාධිපතිවරණය තියෙන දිනය සහ නාම යෝජනා කැඳවන දින දන්නවා නං, ඇයි පවසන්න බැරි? මිනිස්සු පුලපුලා බලාගෙන ඉන්නේ ඡන්දේ පකාශ කරල වෙනසක් කරන්න .

:       5       20

dupul Saturday, 20 July 2024 08:30 PM

දින තීරණය කරලත් ඉවරනම් තව තටමන්නේ නැතිව සඳුදාම ගැසට් එක ගහන්නකො

:       3       16

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 05:48 AM

හැබෑද මුන්නැහෙලත් නැකතක් එනකම් ඉන්නවා කියන්නේ . ඒක සත්‍යක් නම් අපි කවදාද මිථ්‍යා අන්ධකාරය පිරි අඳුරු ගුහාවෙන් පිට වෙන්නේ?

:       0       8

de silva Sunday, 21 July 2024 09:48 AM

දින නියම කරලා ඉවරනම් ඕක ප්‍රසිද්ධ කරලා දමන්න , රටේ ජනතාව ඇවිත් ඔය කොමිසමේ කාර්යාලය වටකරනතුරු ඉන්න ඕනෙද ඕක ප්‍රසිද්ධ කරන්න , පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාගෙන නිකං අනවශ්‍ය ප්‍රශ්න හදන්න එපා , අපේ ප්‍රජාතාන්ත්‍රික ඓතිය හැල්ලුවට ලක් කරන්න එපා ,

:       1       6

R.T.sarath Sunday, 21 July 2024 10:36 AM

මහත්මය විකාර කතා කරන්න එපා ,ආණ්ඩුක්‍රම වියවස්තවේ කියල නැහැ නැකත් බලන්න කියල , ඔය රස්සාව ඉතා භාරධුර දෙයක් , හරියට කරන්න බැරිනම් ඕක භාරගන්න හොද නැහැ , පොඩ්ඩ වැරදුනොත් වසර 20-30 හිරේ යන්න පුළුවන් ,ලෝකයේ බොහෝ රටවල මිනිස්සුන්ගේ චන්ද ඓතිය ඉතා ඉහලින් ආරක්ෂා කරනවා , අපේ ගරු අධිකරණයත් ඉන්නේ ඉතා විමසිල්ලෙන් , ලේන්නු දමල නිතිය නමන්න හැදුවට ගරු අධිකරණෙ කෙලින් තීන්දු දීල ජනතාවගේ චන්ද ඓතිය ආරක්ෂා කරලා දුන්න , මේ ප්‍රශ්නෙදි පිස්සු නටල නිතිය නවන්න හැදුවොත් ගරු අධිකරණය විසින් ඔබලාව උපරිම දඩුවමකට යටත් කරන බව මට 100% විශ්වාසය . ඊට පස්සේ හිරේ ඉන්නකොට දින ගණන කර කර ඉන්න පුළුවන් . හොඳම දෙය ඉක්මන් දිනයක් යොදාගෙන පිරිසුදු චන්දයක් තියල , ජනතාවගේ සහ අධිකරණයේ උදහසට ලක් නොවී සිටින එක .

:       1       4

Rata Perata Sunday, 21 July 2024 01:53 PM

මනුස්සයෝ... තටම තටම ඉන්නේ නැතිව ඕක ප්‍රකාශ කරන්නකෝ... නියම පිරිමියෙක් වගේ. ගොඩක් තනතුරුවල ඉන්න නපුංසකයෝ නිසා තමයි රටේ විනයක් නැති වෙලා තියෙන්නේ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site