IMG-LOGO

21 සම්මත කළොත් දේශපාලන අර්බුදයක් වේවි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වන බව නිතීඥ කනිෂ්ක විතරණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (30) ප්‍රකාශ කළේය.

දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහ ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා මෙලෙස ප්‍රකාශ කළේ යෝජිත 21 වැනි සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පහක් අද (30) විභාගයට ගත් අවස්ථාවේදීය.

ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ලුතිනන් කර්නල් අනිල් අමරසේකර, එක්සත් ලංකා මහ සභා පක්ෂයේ ලේකම් ජයන්ත කුලතුංග යන මහත්වරුන් ඇතු`ථ පස් දෙනකු විසින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.  

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (30) කැදවිණී.

දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහ ලේකම් නිතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ කණීෂ්ක විතාරණ මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ, මෙම යෝජිත පනත් කෙටුම්පතෙහි 4 වන ඡේදය අනුව විධාය ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වීමට ඇති අයිතිය අහිමි කර ඇති බවය.

මෙම පනත් කෙටුම්පතෙහි 7 වැනි ඡේදය අනුව අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා කටයුතු කිරිමට ප්‍රතිපාදන සැලසීමෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වී ඇති බවත් මේ හේතුවෙන් බලය බෙදීමේ න්‍යාය උල්ලංඝනය වන අතර මෙය සම්මත කළහොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්ථනය වන බවත් නිතීඥවරයා සදහන් කළේය.



අදහස් (0)

21 සම්මත කළොත් දේශපාලන අර්බුදයක් වේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 300 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site