IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක්‘

(නිමල කොඩිතුවක්කු)

විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (29) පැවසීය.

සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ ගම්පහ, ගාල්ල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග  කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (29) පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.

විධායකය අහෝසි කරන පළමු පියවර සදහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතුයැයිද ඔහු එහිදී තවදුරටත් කීවේය.

 

 

 



අදහස් (5)

‘21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක්‘

swiss Sunday, 29 May 2022 05:24 PM

රට සමඟිව බලවේගයක් කරපු උතුමාගේ කතාව..! එදා 71 හා 83 විප්ලවයේ ජයග්‍රහණ ගැන සිතා බැලුවාම පේනවා රටට වුණු සෙත..! 21 වෙනස් කරලා රටේ සිංහකොඩිය හකුලා ගන්නද හදන්නේ..?

:       22       55

fairoosSunday, 29 May 2022 05:45 PM

20 ගෙනැල්ලා රාජපක්ෂවරු රටට කරපු හරිය මදැයි...?

:       36       27

swissSunday, 29 May 2022 09:05 PM

ඒක නම් ඇත්ත තමයි ෆයිරූස් ...! පොලවේ පය ගහලා නිදහසේ හිඟාකන්න තරම් ඉන්න රටක් බේරලා දුන්නා..! දැන් ගිහිල්ලා බලන්නකෝ මඩකලපුව පැත්තේ බෝඩ්වල නාම පුවරු ගහලා තියෙන්නේ මොන හාෂාවෙන්ද කියලා..!

:       9       10

Hafeel Monday, 30 May 2022 08:42 AM

Swiss, ඔබතුමා කියන එක ඇත්ත. අරාබි භාසාව කිසි කෙනක් කියවන්නත් නැහැ. නමුත් ඕව කරපු ඒ පළාතේ නියෝජන කරන මන්ත්‍රීලා අද ඉන්නේ ආණ්ඩුවේ. ඕවා අහෝසි කරනවයි කි‌යාගෙන බලයට ආපු ජනාධිපති සහ ආණ්ඩුව අද බලයේ ඉන්නේත්. විශේෂයෙන්ම කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඔය වැඩේ කලේ හිස්බුල්ලා. ඔහු පහුගිය ජනාධිපතිවරනයේදී පෙපෙ සිටියේ ගෝටා වෙනුවෙන් සහ පහුගිය මහ මැතිවරණයේදී ඔහු තරග කලෙත් පොහොට්ටුවෙන්. ඒ නිසා මේ පිළිබඳව ඔබත් දැනුවත් වුනා නම් නේද හොඳයි.

:       0       0

AB Sunday, 29 May 2022 06:47 PM

මේ වනවිට රටේ ජනතාව ඉල්ලා සිටින්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ. 21A සම්මත කළද/සම්මත නොකළද රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ 225 ට නොහැකි බව මේ වනවිට රටේ ජනතාවට ඔප්පු වී තිබේ. පාර්ලිමේන්තුවේදී 21 A සම්මත කළද වෙනත් අර්බුදයක් මොවුන් විසින්ම නිර්මාණයකර ගන්නා බව අපි දනිමු. ආර්ථික අර්බුදය ව්‍යවස්ථා සංශෝධනයක් ඇති නොවූ නිසා ඇති වූවක් නොවේ..

:       4       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 545 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site