(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය,
නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය විසිනි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ. ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි .
COMMENTS
රාජපක්ෂලාට වාසි ඒවට 2/3 ඇති... එයාලට බලතල අඩුවෙන ඒවට ජනමත විචාරණ... කවද්ද අපේ මිනිස්සු හැදෙන්නේ..?
රටේ හොඳ දෙයකට ඔය ගුණදාස නැමැත්තා කවදාවත් හිටගෙන නැහැ.. මෙයාලාව රකින්නේ රාජපක්ෂ නඩයයි..
ලංකාවේ පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරන කිසිම දෙයක් වලංගු නැත. හොරු ටිකක් ඔවුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් නීති වෙනස් කරනවා මිස රටට, ජනතාවට කිසිඳු සෙතක් නෑ...
ආචාර්ය අමරසේකරට ඔය පෙත්සම 20 වැනි සංශෝධනයට යවන්න තිබ්බේ නැද්ද? මෙයත් රජ කෙනෙක්ට එන්න ඉඩ ඇරපු කෙනෙක් වගේ...
20ට ජනමත විචාරණ නැහැ.. 21ට ඕනෑ. මේකෙන් පෙනෙන්නේ 21 එන්නේ නැති පාටක් තමයි.
මේ පෙත්සම් කරුවාට ජනතා මතයක් නැහැ... රට ගැන නොසිතන තමන්ගේ පක්ෂය රැකීමේ යෙදෙන අයෙක් කියලා පැහැදිලියි. ජනාධිපති බලතල අඩුකිරීම අනිවාර්යයෙන් කළ යුතුමයි. ගරු සිරිමාවෝ මැතිණිය ලෝකයේ පළමු අගමැති වුණේ ජනතා ඡන්දය ලබා පාර්ලිමේන්තුවට පැමිණ නොවෙයි., එතුමිය රටට කොතරම් සේවයක් කළ උත්තමාවියක්ද? මේ පෙත්සම් කරු කියන ලෙසට ජාතික ලැයිස්තු හරහා උගත් බුද්ධිමත් අයෙක් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීලා වැඩිදෙනෙකුගේ කැමැත්තෙන් අගමැති වුණොත් ඔහුට ජනාධිපති තනතුර නොදීම හරිද? බලන් කඩතුරා හැර දෑසේ....!!!
එය කිරීම ඉතාම හොඳ දෙයක්.. එහි කරුණු ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව විද්වත් මහජන කමිටුවක් හරහා අවශ්‍ය සංශෝධන සිදුකොට මහජන මතය විමසිම කළයුතුයි.
19, 20 සංශෝධන සිදුකිරිමේදී ජනමතයක් අවශ්‍ය නොවීමට හා 21 සංශෝධනය සඳහා ජනමත විමසීමේ අවශ්‍යතාව පැනනැගීම අපැහැදිලියි...
රට විනාශයට යන්නට නොදී නියමාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. ආර්ථික පද්ධතියම සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. කාලයත් අපතේ. සාමය සහ ස්ථාවරත්වයට මුල්තැනක් දිය යුතුයි.
21 එපා.. දූෂිත 225 ත් එපා..
වහාම ජනමත විචාරණය තියන්න..
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනේ කිව්වලු.
රනිල්ම-හින්ද-ගෝටා- බ්‍රැසිල්මල්ලී- මෛත්‍රී ජුන්ටා එලවීම සදහාත් පොලිස් ත්‍රිවිධ බලහමුදාවේ ජුන්ටාවත් වෙනස්කිරීමට මේසියලු රෙජීමයම වෙනස්කර ගතයුතුි වහාම. සර්වසාදාරනව ජනමතවිචාරණය ඉක්මනට තියපල්ලා අනේ පින්සිදුවෙයි. කැමතියි කැමතියි කැමතියි අනේකැමතියි.
රනිල්, මහින්ද, ගෝඨාභය, බැසිල්, මෛත්‍රීපාල පොලිස් ත්‍රිවිධ හමුදාවේ රෙජීමයම සුන්නත් දූවිලි කිරීම සඳහා 19 වෙනි ව්‍යවස්ථාව වහාම ආපසු ගේන්න මොවුන්ව අධිකරණයේ දණගැස්සිය යුතුයි.. නැත්නම් මේ රට කවදාවත් හදන්න බෑ. 20, 21 දෙකටම අකමැතියි. මම ඒ නිසා වහාම 19 ඕනෑමයි, හොඳ මිනිස්සුන්ට සුබසරණයි, නරක මිනිස්සුන්ට අබසරණයි..!
ජනමත විචාරණයක් තියලද පිස්සෙකුට 20 සෙන් ඔක්කොම බලතල දුන්නෙ. ඔය 225 හේ ඉන්න ඉතාමත්ම සුලු පිරිසක් හැරෙන්ඩ අනික් එවුන් ඔක්කොම කාලකන්නි එපා.
19, 20 දෙකම අත් උස්සලා සම්මත කළේ ජනතාවගෙන් අහලා නෙවෙයිනේ.. මෙතන කල් මරන්නයි හදන්නේ. ගෝඨාභයගේ කාලේ ඉවර වෙනකන්. අනික ජනමත විචාරණ තිබ්බට වැඩක් තියෙනවද? රටේ බහුතර ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කිසිම අවබෝධයක් නැහැ.
මේ අවස්ථාවේ මිනිස්සු බලාපොරෙත්තු වන්නේ ඉන්ධන, ගෑස් හා පොහොර... මේ ව්‍යවස්ථා දෙවනුව තිබිය යුතූයි. මෙය සාදන විට පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පඩිනඩි පහසුකම් හා රටේ වත්කම් සම්බන්ධයෙන් පිටරට සමග කටයුතු කිරිමට වෙනම මහජනතාව නියෝජනය කරන ස්වාධීන මණ්ඩලයකට දියයුතුයි.
ජනමත විචාරණ අවශ්‍ය නෑ කරුණාකර පාර්ලිමේන්තු චන්දයක් තියන්න. මේ ප්‍රශ්න ඔක්කොම විසදේවි ජනතාව කැමති කෙනෙක් පත්කරාවි.
ජනමත විචාරණ හෝ ඡන්ද පැවැත්වීමට තරම් හැකියාවක් මේ වෙලාවේ නැහැ. ඒවා ප්‍රායෝගික නෑ. කෙසේ හෝ ඉන්න අයටම බලකරලා මේ අසීරු තත්වයෙන් ගොඩ එන්න මේ හැමෝම දායකත්වයක් දිය යුතුයි. අනෙක ඡන්දයක් තිබ්බාම ඔය කියන විදිහේ පැහැදිලි බහුතරයක් කාටවත් එන්නේ නෑ. සභාග සහ සංධාන විතරයි. ඒ නිසා මේ නරාවලෙන්, බුද්ධියෙන් ගොඩඑන්න ඕනේ.. හැඟීම්වලින් ඔය දේ වෙන්නේ නැහැ..