(අංජුල මහික වීරරත්න)

2026 දිව්රුන් දුන් භාෂා පරිවර්තක (දේශිය භාෂා) විභාගය 2026 නොවැම්බර් මස 29 පැවැත්වෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

කොළඹ 10, ආනන්ද විද්‍යාලයේදී මෙම විභාගය පැවැත්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අදාළ විභාග ප්‍රවේශ පත්‍රය සහ කාල සටහන www.moj.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

2026.08.31 දින දක්වා වූ සිංහල / ඉංග්‍රිසි , සිංහල / දෙමළ, දෙමළ / ඉංග්‍රිසි  විෂයන් සඳහා ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් විභාගය පැවැත්වේ.