
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය (2027) දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට (20) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණු 2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය දින හතක් පුරා ( හෙට දිනය සමග) පැවැත්වීණ.
. මේ අතර, අයවැයේ තුන්වන වර කියවීම නැතහොත් කාරක සභා අවස්ථාවේ විවාදය 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා දින 19ක් වෙන්කර ඇති අතර සෙනසුරාදා දින හතරක්ද ඊට ඇතුළත් කර ඇත
අයවැය ක්‍රියාවලියේ අවසන් අදියර වන තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට සැලසුම් කර ඇත.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd