
(තිලිණි ද සිල්වා)
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ "2021 වසරේ ඔස්ට්‍රේලියානුවා" ලෙස නම් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි එරට පළවන ඒ.බී.සී පුවත් සේවය වාර්තා කර සිටී.
මහනුවර උපත ලබා, 1994 දී සිය පවුලේ අය සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී දැනට 36 හැවිරිදි වියේ පසුවන වෛද්‍ය දිනේෂ් පලිපාන දිනේෂ් පලිපාන මහතා ඔස්ට්‍රේලියාවේ ඕ.එම්.ඒ. (OMA) ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයෙක් වේ. එසේම මෑතකදී ඔහු සිය නීති උපාධියද අවසන් කළ අයෙක් ද වේ.
2010 දී බ්‍රිස්බේන් පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් වෛද්‍ය පලිපාන බරපතළ තුවාල ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දෙපා අක්‍රිය වී ඇති අතර ඔහුගේ දෑත්වල ක්‍රියාකාරිත්වයද ඉන් සීමා සහිත වී ඇත.ඉන්පසුව ආබාධ සහිතව රෝද පුටුවක රැඳී සිටිමින් සිය එදිනෙදා කටයුතු සිදුකරන වෛද්‍ය දිනේෂ් පලිපාන ගෝල්ඩ් කෝස්ට් ටයිටන්ස් ආබාධ සහිත වූවන්ගේ රග්බි කණ්ඩායමේ නිල වෛද්‍යවරයා ලෙසද කටයුතු කරයි.
වෛද්‍ය පලිපාන සිය දේශන මගින් අන්තර්ජාතික සබඳතා ගොඩනගාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ කොඳුඇටපෙළ ආශ්‍රිත රෝග සඳහා කෙරෙන පර්‌යේෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇති අයෙකු ද වේ.
අදාළ සම්මානය හිමිවීමත් සමග ඕස්ට්‍රේලියා මාධ්‍ය වලට අදහස් දැක්වූ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා මෙසේද කීය.
"
මගේ මිතුරා සැමවිටම මට කියන දෙයක් තමයි ජීවිතය කියන්නේ නොනවත්වා උච්චාවචනය වෙන දෙයක්. සාර්ථක වීම් මෙන්ම අසාර්ථකවීම් ද වෙනවා. ජීවිතය හොඳින් ගෙවෙනවිට අපි හැමවිටම එහි රැඳෙන්න උත්සහ දැරිය යුතුයි. එසේම යම් හෙයකින් යම් ගැටළුවක් අවොත් ජීවිතය නැවත සාර්ථක වෙයි කියලා අපේක්ෂාවෙන් සිටිය යුතු යැයිද හෙතෙම පැවසීය.
පසුගිය දා පැවැති ජාතික ඔස්ට්‍රේලියානු දින සම්මාන උළෙලට සමගාමීව ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිනී ඇනස්ටේෂියා පලසුක් විසින් වෛද්‍ය පලිපාන වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළාය.
‘‘දිනේෂ් පලිපාන කිසිදු බාධකයක් නොදන්නා පුද්ගලයෙකි. ඔහු සැබැවින්ම ආනුභාවසම්පන්න පුද්ගලයෙකි. ඔස්ට්‍රේලියාවේ ආබාධිත වෛද්‍යවරුන්ගේ සමාරම්භකයා වශයෙන් ඔහු වෛද්‍ය අධ්‍යාපනය සහ රැකියාව ද ඇතුළත්ව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම සඳහා විශාල මෙහෙයක් සිදුකර ඇත.’’ යැයි ප්‍රධාන ඇමැතිවරිය එහිදී පවසා තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර්ස් විත් ඩිසේබිලිටීස් සංවිධානයේ නිර්මාතෘවරයා වන වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා 2019 දී නව ගවේෂණයක් ඇරඹීය. ඒ, ආබාධිත පුද්ගලයින්ට ඇවිදීමට හෝ පාපැදියක් පැදීමට උදව් විය හැකි උපකරණයක් නිපදවීම සඳහාය. ඊට අමතරව ඔහු තවත් ගවේෂකයින් පිරිසක් සමග එක්ව කෘතීම කොඳු නාරටියක් වර්ධනය කිරීම ගැනද පර්යේෂණ පවත්වයි. ආබාධිත පුද්ගලයාගේ කොඳු නාරටියක් මගහැර ඔහුගේ පාදවලට විදුලි සංඥා නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පර්යේෂණය හරහා සිදු කෙරෙන බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණේ සිනහවක් රැදී වෛද්‍යවරයකු දැකීමත් සතුටකි. ඔබට යහපතක්ම වේවා...!!! "අපේ හාදයන් වැඩිම වැඩි පිරිසකට නැත්තටම නැති" මුහුණේ සිනහව ඒ ඒ සැමටම ආදර්ශයක් වේවා....!!!
ඔබට අපගේ ආචාරය සර්...
දෙපා සවි නැතත් සිත සවි දිරිය පුතා ... උතුම් සිහළ ගති දිවියට වැළඳ ගතා ... වෙදකම මෙන්ම නීතිය ගැන නිසි උගතා ... දිරිමත් කමින් ලොව ඇති තතු ඉගෙන ගතා ...
අන් ජාතින්ට ගරු කිරීම, ජාතිය නොසලකා නිසි තැන දීම... මේ වැනි රටවල මිනිසුන් සතුටින් සිටීමට හේතුවන සාධකයකි. එය දියුනුවට ද හේතු වේ...
සුබපැතුම් නියමයි...
වසරේ ඕස්ට්‍රේලියානුවෙකුට අයිතිවාසිකම් කීමට අපේ අය වෙන මහන්සිය දැක්කම හිනා යනවා. මේ රටේ ඇතුලෙ ඉන්න සිය දහසක් වන වටිනා මිනිස්සු ගැන ඇහැක් ඇරල නොබලන මාධ්‍යත් ලෝකෙ වෙන කොහෙ හරි ලංකාවෙ කොනක් ගෑවුන අයගෙ පම්පෝරි ගැන පෙන්වන්න පොරකනවා. මේ කමෙන්ට් එකටත් ගොඩක් අන්ලයික් වැටෙයි.. හැබැයි තිත්ත වුණත් ඇත්ත ඒක තමයි.
සිනහව සමගින් වෛද්‍යවරයෙක් කලකින් දුටු වේය... අප රට දොස්තරලාට මොහු ආදර්ශයක් නොවේද... උද්දච්චකම සහ උඩගුකම ඇති අපේ උන්දැලාට... මොනරකොල පමණක් සිනහව ගෙන එන්නේය...
මෙවන් වටිනා පුද්ගලයකුටත් ඩිස්ලයික් දාන මිනිස්සු ඉන්න රටක් මේක...
සිනහ වෙන්නට වැයවන්නේ අඩුම අඩු බලයක්ලු... එමගින් සිරුරට ලැබෙන්නේ මිලකළ නොහැකි දේලු... උද්දච්චකමින් පුපුරණ මුහුණට ඕනා ලොකු බලයක්ලු... මේ හැමදෙම කියන්නෙත් අපේ මේ දොස්තර මහතුන්ලු...
ලංකාවෙ හරි අපූරු දොස්තර කෙනෙක් උන්නා. ඇලයාපත්තුවේ ඉස්පිරිතාලෙ. තමන්ගෙ අතින් මුදල් වියදම් කරල වැහෙන්න ගිය ඉස්පිරිතාලෙ හදාගෙන මිනිස්සුන්ට බේත් කරන්න මහන්සි වුණා ... ඒ මනුස්සයට ඒක කරන්න දෙන්නෙ නැතුව පෙත්සම් ගහල පොලිසි උසාවි ගානෙ යන තැනට වැඩ හදන්න ඒ පලාතෙම උන්න ජාවාරම් කාරයො එකතු වුණා ... හැබැයි වසරේ ඕස්ට්‍රේලියානුවාට සුබ පතන්න ඉන්න අයයි මාධ්‍යවල කවුරුවත් ඒ ගැන වචනයක් කතා කලේ නෑ... හරි අපූරුයි .
මෙතුමාගෙ චැනල් ගාස්තුව කීයක් විතර වෙයිද? බදු රහිත වාහනයකුත් දීලා ඇති නේද?
සිංහල විරුවන් කියන්නෙත් සැබෑ දක්ෂයන් කියන්නෙත් මෙවන් උතුම් මිනිස්සුන්ට...
ශ්‍රී ලාංකීය පුතණුවනි.., ඔබගේ කැපකිරීම ගැන අප ගරු කරනවා.
එහෙ දොස්තර කෙනෙකුට ඩොලර් 15000ක් පමණ ලැබෙනවා.
ඒ වුණාට අපි දන්න විදිහට මෙයා ඒ කාලේ හොඳ හොඳ වැඩ කරලා.
ආඩම්බරයි