(බිඟුන් මේනක ගමගේ )
තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ‘ලංකාදීපය’ යට පැවැසීය.
තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය.
ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක මහතා කීය.
තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.
රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී ඔහු පැවසුවේ 2015 වසරේ සිටම මේ කරුණු ශ්‍රී ලංකා රජයට දැන් වූ බවයි.
ෆෙටෝ සංවිධානයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මකව සිටියේ යැයි ද එම සියලු කරුණු සවිස්තරාත්මකව ශ්‍රී ලංකා රජයට දැන් වී යැයි ද ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ රහස්‍ය ලේඛනවල කෙනන් අව්සාර්(U 12243311), ඊබ්‍රාහිම් ටොම්කින් (U 01847956), හකාන් අර්ස්ලාන් (U 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන් 50 දෙනෙකුගේ නම් සහ විදෙස් ගමන් බලපත් අංක හා එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන දේශීය ආයතන නවයක නම් හා ලිපින අන්තර්ගතය.
‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ නම් සහ ගමන් බලපත් අංක පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහෙන් ඔරෝ ඔය කියන නායකයන් ආරක්ෂා කරමින් ඉන්නේ මොකද
මේ ආණ්ඩුවේ හොර ඔක්කොම දැන් ඔප්පු වෙලා ඉවරයි
මුළු ලෝකෙම අපට උදව් කරලත් බුද්ධි තොරතුරු දීලත් ඔය කියන මුස්ලිම් ජාතික දේශපාලුවෝ දෙන්නා නිසා මුළු රටේම ජාතික ආරක්ෂාව අනතුරේ දාන්නත් ලෝකයම ඉදිරියේ අපකීර්තියට පත්වෙන්නත් අවසානයේ අහිංසකයෝ 300ක් මරගන්නත් 500ක් අබ්බගාත කරන්නත් , ඔය කියන දෙන්න මොනවද අපේ නායකයින්ට දුන්නේ දෙයියනේ ...
සියල්ල පැහැදිලි වෙමින් පවතී.
මේ ප්‍රකාශ හොඳ මැතිවරණ ප්‍රචාර. කාටද වාසි කියන එක හිතාගන්න.
ඡන්ද වලට බලේට කෑදරකමට අන්තවාදීන් කිට්ටු කරගැනීමේ විපාක මේ පක්ෂ විපක්ෂ මේ හැම කෙනාම රට ගෙන නෙවෙයි, බලේ ගැන පමණි හිතුවේ. ඒවාට විපාක විදින්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට.
බල ලෝභිත්වයෙන් පෙලෙන සිංහලයින් ත්‍රස්තයාද ජාතිද්‍රෝහියාද නොබලා බලය තහවුරු කර ගැනීමට කටයුතු කරන්න. සිංහලයන්ගේ කිසිම එකමුතුවක් නොමැතිකමින් ත්‍රස්තයින් ඒ අයගේ සියලු කටයුතු කරගන්නවා. ඒවාට විරුද්ධවන්නන් හිරගත කරනවා. දැන්වත් සිංහලයින් පක්ෂ පාට හැඟීම් ඉවතලා එකමුතු නොවුනහොත් මේ රටම අනතුරේ වැටෙනවා
හිටපු ඇමතිලයි ඉන්න ඇමතිලයි කියන කතා අහනකොට ඒ අයට පිස්සුද කියලා හිතෙනවා. තමාගේ උගත්කම නැතිව රටේ බලය, ආරක්ෂාව ගත්තම කොයි තරම් විනාසයක්ද ඇතිවුනේ, මුස්ලිම් ඇමතිලා දෙන්නෙක් ඔය පරීක්ෂණය නතර කෙරුවනම්, ඒ කවුද කියලා හොයලා බැලුවද. අගමැතිට දැනුම් දුන්නද.
මේ සියළුම දේශපාලකයන් තප්පුලන්නේ දැන්ය. ඔවුන්ටම සරිලන පරිපාලන සේවයක් සහ විදේශ සේවයක් ඔවුන්ගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරගෙන ඇත. රට මේ ආකාරයට අගාදයට ඇද දැමීමට ඔවුන් සියළුදෙනාම වගකිවයුතුය.
1948 ඉඳලම අපි රැවටුනා මේ බලලෝභී දේශපානඥයකු තමන් ගැන මිසක් රටේ ජනතාව ගැන නොසිතන බව පැහැදිලිව පෙනි පෙනී අපි ඒ අයවම අපේ පාලකයන් විදියට පත් කරගත්තා දැන් අපි නෙළමින් සිටින්නේ අපි වපුරපු දේ
දැන් පනින්න වෙලාව හරි. ඒක තමා මේ සද්දෙ
මෙම කියන ත්‍රස්ත සංවිධානය ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බලන්න, ඔවුන් රටවල වලට පැමිණෙන්නේ ගුරුවරුන් විදිහටලු, ඉන්පසු ඔවුන්ගේ ප්‍රධානම කාර්යයන් වන්නේ දක්ෂ සිසුන්ව තෝරාගෙන ඔවුන්ව රටේ රජයේ ඉහලම තැන්වලට යොමු කිරිමලු. ඉන්පසු ඔවුන් ලවා අනිත් මුස්‌ලිම පුද්ගලයන්ගේ මනස විකුර්ති කිරීම් සිදුකරනවලු. මේ විදිහට රටේ ඉහල තැන්වල ලොකු ජාලයක් නිර්මාණය කරනවලු
වසන්ත සේනානායක මොනාද මේ ගැන කලේ? කියල නිකම් හිටියද?
තුර්කිය නේටෝ (NATO) සංවිධානයට අයිති රටක් වුනත්, ඇමෙරිකාව හා බටහිර රටවල් ඒ රටේ ආණ්ඩුව පෙරලීමට කල කුමන්ත්‍රණය හෙළිවීමෙන් පසු මේ අයගේ යටි අරමුණු තේරුම් ගත් රජය රුසියාව හා ඉරානය සමග එක්ව ත්‍රස්ත සංවිධානය මැඩපැවැත්වීමට එක්ව ක්‍රියා කරමින් සිටි. දැන් පෙනෙන්නේ තුර්කියේ ත්‍රස්තයන්ටත් රැකවරණ ලැබී ඇත්තේ ලංකාවේ බවයි.
මේවා අපිට කාට කියන්ද? කුමක් කරන්නද?
ශ්‍රිමල් ජාතික ආරක්ෂාවයි මැතිවරණයයි පටලවා ගන්න එපා..
සිරිමල් අංගොඩ ගියොත් නරකද
ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මේ වගේ දේවලින් පැහැදිලි වේ. කණගාටුවට හේතුව නම් මුස්ලිම් ජාතික දේශපාලකයෝ මෙතරම් ප්‍රබලද ?
අපේ අයට ලොකු තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය විතරයි. රට ගැන කිසිම හැඟීමක් නැහැ.
කාට වාසි වුනත් මේක තමයි ඇත්ත.
අනේ සිරිමල් ඒ අය කිව්වත් දේශපාලන වාසිලු. නොකිව්වත් බනිනව මරාගන්නවලු. අපේ මිනිස්සුන්ට ප්‍රශ්නෙ වෙලාතියන්නෙ මිනිස් ජීවිත බේරගැනීම නෙමෙයි. අනෙක් අයට ද්ශපාලන වාසි ලැබෙයි කියන බය. ඒ කට කියන්නෙ කුහක කම
එකක් කියන්නම් කාගේත් නිරුවත දැන් එළිවෙලා ඉවරයි..... කළු බැටළුවෝ කවුද කියාලත් කවුරුත් දන්නවා (රජය ඇතුළුව ) නමුත් ඡන්ද වලට තියන පෙරේත කම හින්ද කවදාවත් එයාලට මොනවත් වෙන්නේ නැහැ කවුරු ආවත් ඕකයි කතන්දරේ
ගරු මන්ත්‍රීතුමනි , කවුද ඔය කියන දේශපාලුවෝ ඒ දෙන්න ට නම් ගම නැද්ද?
රටේ ලොකුම තැනට වෙලා ත්‍රස්තවාදයට උදව් කරන මේ ඇමතිලා අත්අඩංගුවට නොගන්නේ මොකද ? ජනතාව පාරට බහිනකම්ද බලන් ඉන්නේ.
දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරු ප්‍රකාශ නිකුත් කරමින් ඇඟ බේරගන්න හදනවා අරවා කිවුවා මේවා කිවුවා ගණන් හත්තේ නෑ කියලා. කාටද මේවා කියන්නේ? ක්‍රියාත්මක වුනේ නැත්තේ කවුද ? අපිද ? රටේ මිනිස්සු ඡන්දෙත් දීල කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ඔබතුමාලව නඩත්තු කරන්නේ, රටේ අහිංසක ජනතාව බෝම්බ වලින් අනිවාර්තේ මැරුම් කාපුවහම ඇඟ බේරාගන්නද ?
ඔය කියන්නා දැන් ඇවිත් කියන්නේ ඔය ගැන සෙව්වේ නැහ එයාත් පැන පැන හිටියා මිසක් සේරම බොරු කාරයෝ
මේ වගේ රට කාපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසේ හිටියේ නැහැ. ඒ වගේම හිටපු ආණ්ඩුවත් මීට දෙවෙනි නැහැ. ඒ වගේම චේ ගුවේරා පස්සෙන් යන ජප්පොත් මේ ගොඩේම තමා.
මේ මහත්තයා දැන් ඉන්නේ කොයි පැත්තේද කියල කාට හරි කියන්න පුලුවන්ද? අන්තිමට පැන්න පැත්ත මතක නැති නිසයි අහන්නේ.
අවුරුදු ගානක් මුන් එකට කාල බීල කට වහගෙන ඉදලා, දැන් වැරදි කතා කරනවා. ඒ කාලෙ උබලගෙ කටේ පිට්ටුද? රට කාපු පොරවල් මේ ඔක්කොම..මේ බෝම්බ පිපිරුනෙ නැත්නම්, මේ කතා මුකුත් නෑ..
ඔබතුමාලා 225 දෙනාම රටට කොඩිවින කරන්නේ නැතිව ගෙදර ගියා නම් තමා හොඳ
විලි ලැජ්ජාවක් තියනවා නම් අපි කියන්න කලින් යවා, අඹ ගෙඩියක් වගේ තියෙන මේ ශ්‍රී ලංකාවට ආරක්ෂාවක් දෙන්න බැරි අය ඉන්දියාව වගේ රටක් වුණා නම් මොවුන් මොනවා කරන්නද?