
(ගයාන් සූරියආරච්චි)
බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්‍රැක්ටරයකින් වැලි ප්‍රවාහන කළ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මඩකළපුව, අරුප්පනේ ප්‍ර දේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව මඩකළපුව, කොක්කඩිචෝලෙයි උප ඒකකයේ සේවයේ නියුතුව සිටි සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකි.
මඩකලපුව කාන්චංකුඩා ප්‍ර දේශයේ පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.
පැමිණිලිකරු මඩකළපුව අරුප්පනේ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනාට අල්ලස් මුදල් ලබාදෙන අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd