IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


20 ට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

( තිළිණි ද සිල්වා )
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත්  එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද(23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
 

බාලේන්ද්‍ර නීතීඥ සමාගම මාර්ගයෙන් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
 
ඒ අනුව අද (23) දිනය වනවිට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 6 ක් ගොනු කරනු ලැබ ඇත.
 
සමගි ජන බලවේගය, නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන මෙම පෙත්සම් ගොනු කර ඇත.

පෙත්සම්කාර ආර්.සම්පදන් මහතා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් කර ඇත්තේ රජය විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංගනය කරන බවයි.

 ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.



අදහස් (9)

20 ට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

sampath Wednesday, 23 September 2020 11:07 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කොට ජනතා අදහසද ලබාගෙන නව ව්‍යවස්ථාවක්, කෙටුම්පත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාම උචිත බව පෙනීයයි. සංශෝධන සඳහා ක්ෂණික අවස්ථාවක් නොපෙනේ.. මන්දයත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පක්ෂයෙන් බැවිනි.

:       27       23

K Perera Wednesday, 23 September 2020 01:02 PM

අනිවාර්යයෙන්ම යායුතුය. මෙය මුලු ලංකාවටම විනයක්. අගමැතිතුමා මෙය විරුද්ධ නොවීම ලොකු ප්‍රහේලිකාවක්... !!! 

:       8       11

chandana Wednesday, 23 September 2020 06:22 PM

19 සම්මත කරගන්න මහජනතාව වුනු අපෙන් ඇහුවෙ නැති අය අද 20 ට මහජන මතය අවශ්‍යයිලු. ආණ්ඩුවට අපි 2/3 ක් දීලා පෙන්නුවේ මහජන මතය තමයි. ඒක විකෘති නැති පිරිසිදු ජනමතයක් බව අමතක කරන්න එපා.

:       0       3

chandana Wednesday, 23 September 2020 06:22 PM

19 සම්මත කරගන්න මහජනතාව වුණු අපෙන් ඇහුවේ නැති අය අද 20ට මහජන මතය අවශ්‍යයිලු. ආණ්ඩුවට අපි 2/3ක් දීලා පෙන්නුවේ මහජන මතය තමයි. ඒක විකෘති නැති පිරිසිදු ජනමතයක් බව අමතක කරන්න එපා.

:       0       3

Rata Perata Thursday, 24 September 2020 06:32 AM

මුළු රටම මේකට විරුද්ධ විය යුතුයි.

:       3       3

BamunuarachchiSaturday, 26 September 2020 03:29 AM

ඔව් ඔව් ටීඑන්ඒ එක අධිකරණයට යන එන ගැන අපිත් විරුද්ධයි.

:       0       0

kamal Thursday, 24 September 2020 11:08 AM

අධිකරණය ආණ්ඩුවෙන් අහලා තීන්දුව දෙයි.

:       2       0

BamunuarachchiSaturday, 26 September 2020 01:53 PM

ආණ්ඩුවෙන් අහනවා කියන්නේ 69 ලක්ෂයක් ජනතාවගෙන් අහනවා කියන එකයි. TNA එක සම්බන්ධව තීන්දු තීරණ ගන්න ඕනේ ජනතාව පත්කළ ආණ්ඩුව කියන විදිහට... ඔබ ඊට විරුද්ධද?

:       0       0

Bamunuarachchi Saturday, 26 September 2020 03:26 AM

ඉන්දියාවට කීවේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 500 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site